ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැගව සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනෙකු අත්අඩංගුවට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 06, කොළඹ (LNW):

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලා ගොස් සැගව සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 679 දෙනෙකු මේ දක්වා සිදු කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ත්‍රිවිධ හමුදාව සිදු කළ මෙහෙයුම්වලින් 572 දෙනෙකු හා  පොලීසිය සිදු කළ මෙහෙයුම්වලින් 107 දෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බව ද වාර්තා වේ.

ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මත පසුගිය පෙබරවාරි මස 22 වනදා සිට මාර්තු මස 05 වනදා දක්වා කාලය තුළ රට පුරා සිදු කළ මෙහෙයුම්වලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ත්‍රිවිධ හමුදා සේවයෙන් පලාගොස් සිටින සියලු සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පසුගිය පෙබරවාරි 22 වනදා  දැනුම්දීමක් සිදු කළ අතර, මෑතකාලීනව සිදු වූ ඝාතන මෙන්ම ඊට පෙර ද වාර්තා වූ ඝාතන සහ අපරාධ රැසකට ත්‍රිවිද හමුදාවලින් පළා ගිය පුද්ගලයින් සම්බන්ධ බවට පොලිස් වාර්තාවල සඳහන් වී තිබූ පසුබිමක මෙම නියෝගය නිකුත් කිරීමට කටයුතු කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

NPP ලේබලයෙන් ගෙනෙන රනිල් – ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්ති එපා – කොටුවේ විරෝධතාවක් (PHOTOS)

කොළඹ LNW:NPP ලේබලයෙන් ගෙනෙන රනිල් - ගෝඨා අධ්‍යාපන ප්‍රතිපත්තිය...

Your Shot Challenge හි හොඳම ඡායාරූප කිහිපයක්! ඇස් වලින් දැක, විඳින්න.

සටහන – පුලී ජනවාරි 14, කොළඹ (LNW):  ඉඳහිට හිතට අල්ලන...

එක්සත් ජනපදය හා ඉරානය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇනහිටියි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ ක්‍රියාත්මක වන...

ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි...