රෂිකා හෙන්නායක මාර්තු 06,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රසිද්ධියට පත් කරන ලද ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ රහස්‍ය ලිපිගොනු පිළිබඳව විස්තර පසුගියදා දැඩිලෙස කතාබහට ලක් වී තිබුණි.
මේ වනවිට ඇමරිකානු ජනාධිපතිවරයා අලලාද විවිධ තාබහක් ඇති වී තිබේ. ඒ, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් තරුණ වියේ පසුවූ දැරියකට ලිංගික අතවර කළ බවට එල්ල වන බරපතල චෝදනා සහ ඒ පිළිබඳව සිදුකළ විමර්ශනයක් පිළිබඳවයි.
මින් පෙර හෙළි නොවූ මෙම තොරතුරු හදිසියේ කරළියට පැමිණීම පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදීන් දැඩි විමර්ශනයක යෙදී සිටින බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.
කෙසේ වෙතත්, ට්‍රම්ප් පාලනය මෙම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා පදනම් විරහිත බව ප්‍රකාශ කරයි. තවද, මෙම ආන්දෝලනාත්මක පුවත යටපත් කිරීම සඳහා ඉරානය සමඟ යුද්ධයක් ඇති කිරීමට උත්සාහ කරන බවට ඇතැම් දේශපාලන විශ්ලේෂකයින් මත පළ කරන බව ද මෙමගින් අනාවරණය වේ.
මෙය ජාත්‍යන්තර දේශපාලනය සහ ප්‍රමුඛ පෙළේ පුද්ගලයින්ගේ පෞද්ගලික හැසිරීම් පිළිබඳව දැඩි සංවාදයක් ඇති කිරීමට සමත්ව තිබේ.





