අදත් පළාත්, දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

Date:

ඉසුරු පරාක්‍රම

කොළඹ (LNW): නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) දින නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි. මී 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ

මුහුදුබඩ කලාපය:

වැසිතත්ත්වය:

හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකළපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇතිවේ. හලාවත සිට කොළඹ හර හා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

හම්බන්තොට සිට පොතුවිල් සහ මඩකළපුව හරහා ත්‍රිකුණාමලයදක්වාවෙරළටඔබ්බෙන්වනමුහුදුප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇතිවේ. හලාවත සිට කොළඹ හර හා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සුළඟ:

සුළං ඊසාන දෙසින් හමාඑන අතර සුළගේ වේගය පැ.කි.මී. (25-35)පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා, සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩිවිය හැක.

මුහුදේ ස්වභාවය:

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින්විට රළුවේ.  දිවයින වටාවන සෙසු මුහුදු ප්‍රදේශමද වශයෙන් රළුවේ. මුහුදු රළ තරංග කාලය වැඩිවීම හේතුවෙන් මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වාවන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල සවස්කාලයේ සහ රාත්‍රී කාලයේදී රළ උස වැඩිවීමේ හැකියාවක් ඇත. ඒ අනුව එම මුහුදු ප්‍රදේශ රළුවිය හැකි අතර මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...