*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

නේටෝව විසුරුවා හැරියාම ඔක්කොම හරිද ?

මෙරට බටහිර විරෝධයේ පරමාදර්ශී නිර්මාතෘවරයා අනගාරික ධර්මපාලය.

ඒ බටහිර විරෝධයේ ඒකායන අරමුණ සුද්දා එලවා දමා ස්වරාජ්‍යය පිහිටුවා ගැනීමය. ඒ ස්වරාජ්‍යය, සිංහල බෞද්ධ ස්වරාජ්‍යයයි.

ඒ ස්වරාජ්‍යයෙන් මුසල්මානුවන් ගෙරිමස් කන හම්බයින් ලෙස වර්ගීකරණය කොට එළියට දැම්මේය.ඉන්දියාවෙන් හොරෙන් පැමිණි කල්ලතෝනින් ලෙස හඳුන්වා දමිලයන්ද ස්වරාජ්‍යයෙන් දොට්ට දැමිණ.

තමන්ගේ ගැටලුව සිංහල සමාජය ඉදිරියේ තබන දමිල කණ්ඩායම් යනු බටහිර කුමන්ත්‍රණයක ඒජන්තයන්‍ ය යන මනෝභාවයේ සම්භවය ඇත්තේ ද අනගාරිකගෙ ස්වරාජ්‍ය සංකල්පය තුළය.

එදාමෙදා තුර ඉතිහාසයේ මේ ජාතිවාදී ස්වරාජ්‍ය කියන එක පසුගාමී සමාජයට රිංගන කවුළුවක් විදියට තමා වමේ පක්ෂයි දකුණේ පක්ෂයි දෙගොල්ලම පාවිච්චි කළේ.

මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදය යනු බටහිර N.G.O. සල්ලි මත පවතින දෙයක් බවටම අර්තකතනය විය. මේ කතාවෙ ඇත්තකුත් තියෙනවා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ රටේ පවතිනවා නම් පවතින්නෙ පිටින් ගෙනත් නඩත්තුකරන දෙයක් විදියට තමා. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන එක අපේ රටේ බිමට මුල් අල්ලන්නෙ නැති නිසා.
අනගාරිකලගෙන් බන්ඩාරනායකලගෙන් පෝෂණය වුණ බටහිර විරොධය බන්ඩාරනායකලගෙ ගෝත්‍රික අම්බලම අස්සට රිංගපු වාමාංශිකයන්ටත් බෝ වුණා.

අන්තිමේදී වමට බටහිර විරෝධයයයි මාක්ස්වාදයයි හතර පැත්ත පැටළුනා ….

ඒ කොහොම වෙතත් පරන වම බන්ඩාරනායකල ලඟට ගියේ දෙක අතර කලින්ම තිබුන යම් සමානකමක් නිසා ….

අද නේටොව විසුරුවන ලෙස උද්ඝෝෂණය කරන ඇතැම් අය සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් සුළුජනයාට පහර දීම සඳහා ඊට අන්ත හමුදාවකට කඩේ ගිය පිරිසකි. වාසුදේවගෙ ඇඟේ හැම රෝම කූපයකම තියෙන්නෙ ඇමරිකන් විරෝධය. I.M.F. මතක්කරපු ගමන් මිනිහට මළ පනිනව. හැබැයි රිංගන්නෙම ගෝත්‍රික රෙද්දක් අස්සට.

මම කියන්නෙ අපේ රටේ ඇමරිකන් විරෝධය ජනප්‍රිය එකක් මිසක් විද්‍යාත්මක එකක් නෙමේ. ඒක යට තියෙන්නෙ ලේවල තියෙන සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යය.

නේටෝව කියන්නෙ දියුණු ධනපති රටවල්වල මිල්ටරි සංවිධානයක් බව සැබැවි. නමුත් නූතන කාන්තා නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඒවා අනෙකා කරගනිමින් බිහිවන අති ම්ලේච්ඡ ඇෆ්ගන් වර්ගයේ මූලධර්මවාදී ව්‍යාප්තවාදයන් නැවැත්වීමට ඇති අන් බලය කුමක්ද ? හොඳින් මතක තබාගන්න. තලෙයිබාන්, අයි. එස්. අයි. එස්. වර්ගයේ මූලධර්මවාදයේ සතුරා කාන්තා අයිතීන් ගරුකරන නූතන ප්‍රජාතන්ත්‍රවාදය මිස ඇමරිකානු පාලනය නොවන බව.

ඇමරිකන් හමුදා ඇෆ්ගන් භූමිය අතහැරලා එනකොට ඒ රටේ මිනිස්සු ඇමෙරිකාවට යන ගුවන් යානාවල තටුවල පවා එල්ලුනා. ඒ මිනිස්සු ජීවිතය පරදුවට තියලා ඒ හෙව්වෙ නිදහස. එහෙම නැතිව ඒ අය බටහිර ගැත්තො උනා නෙමේ.

ඊළඟට චීනය වැනි න්‍යෂ්ටික ඒකාධිපතියන් තායිවානයේ සීමාවේ නතරකරන්ට පුළුවන් ප්‍රතිවිරුද්ධ විකල්ප බලයක අවශ්‍යතාවයක් නොපවතීද ? මියන්මාරයේ මෙන් දකුණු ආසියානු හා අප්‍රිකානු කලාපවල ඕනෑම මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය පරයා මතුවිය හැකි මිල්ටරි රාජ්‍යයන්ට තරවටු කලහැකි විකල්ප බලයක් ඇවැසි නැද්ද ? යුක්‍රේන ආක්‍රමණයෙන් ඉක්බිති අවට සෙසු රාජ්‍යයන් වෙත හැරෙන පූටින්ට වෝර්නින් දෙන්නෙ මේ උද්ඝෝෂණය කරන අපිද ?

බුෂ්ලා ට්‍රම්ප්ලා වැනි පාලකයන් විසින් කරන ලද සීමාව පැන්න ලිබියානු සහ ඉරාක ආක්‍රමණයන් මම කිසි විටෙකත් අනුමත නොකරමි. නමුත් අමෙරිකාව අභ්‍යන්තරයේ තිබුන ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඊළඟ මැතිවරණයෙන්ම ඇමරිකානු ජනතාව මේ පාලකයන් ගෙදරම යවපු බව අපි අමතක කරන්න හොඳ නෑ.

අනිත් කාරනාව මේ මොහොතේ බටහිර නේටෝ සංවිධානයයට ප්‍රතිපක්ෂව සිටින්නේ උතුරු කොරියාව, චීනය, ඇෆ්ගනිස්තානය, රුසියාව, ඉරානය, වැනි රට අභ්‍යන්තරයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නැති සහ අවට දුර්වල රාජ්‍යවල භූ සම්පත් දෙස කෙලහලමින් බලන් ඉන්න රටවල් ටිකක්. මෙතනදි නේටෝව සහ යුරෝපා සංගමය නැති තැන වෘකයො ලිහලා දාපු ජාත්‍යන්තර තත්වයක් ඇතිවෙන්නෙ නැද්ද … ?

අවශ්‍ය වෙන්නෙ නේටෝව ඇතුළු සමස්ථ ධනේශ්වර ආකෘතියම නිෂේධනය කල හැකි ප්‍රශස්ත දර්ශනයක් මිසක් නේටෝව විතරක් අරන් විසුරුවා හරිනු යැයි කීම ප්‍රායෝගික නොවූ හුදු ජනප්‍රියවාදී ජාතිකවාදී සටන් පාඨයක් පමණි …

  • ප්‍රියශාන්ත රාජපක්ෂ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan