*
Friday, April 19, 2024
spot_img

Latest Posts

‘විනෝද සමය’ අවසන් කරමින් බර්ටිත් සමුගනී …

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පියෙකු ලෙස ජනප්‍රසාදය දිනා සිටි 98 හැවිරිදි බර්ටි ගුණතිලක මහතා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගතකර සිටියදී අද(06) වන දින ජීවන රඟ මඩලින් සමුගෙන ගොස් ඇති බව වාර්ථා වේ.

1924 අගෝස්තු මස 02 වන දින මහනුවරදී උපත ලබන බෙස්තියගේ දොන් බර්ටි සංඝතිස්ස ගුණතිලක හෙවත් බර්ටි ගුණතිලක සිනමාවේ වේදිකාවේ මෙන් ම රූපවාහිණියේද සිය දක්ෂතා හැකියා ඉදිරිපත් කළ කලාකරුවෙකි. ඔහු ජනතාව අතර වඩාත් ජනප්‍රිය වූයේ විකට නළුවකු වශයෙනි.

ඔහු අම්පිටිය ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් ද්විතීයික අධ්‍යාපනය ලැබීය.අනතුරුව ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට බැඳුණු ඔහු පාසල් කාලයෙන් පසු ඔහු කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ සහකාර ගුරුවරයෙකු ලෙස සේවයට කරන්නට විය. අනතුරුව කලක් යන තෙක් පොත් කඩයක් ආරම්භ කොට ‘සිංහල බෞද්ධයා පත්තරේ’ සෝදුපත් කියවන්නෙක් වශයෙන් රැකියාව කරගෙන යන්නට විය.

බර්ටි ගුණතිලක 1947 දී “ළමා පිටිය” වැඩසටහනෙන් රේඩියෝ සිලෝන් වෙත සම්බන්ධ විය. ඉන්පසු ජෝසප් සෙනෙවිරත්න, වින්සන්ට් වීරසේකර, හැරියට් සුරවීර, පිටිපන සිල්වා, සිසිර කුමාර මානික්කආරච්චි සමඟින් 1948 “විනෝද සමය” ගුවන් විදුලි නාට්‍යයට සම්බන්ධ විය. විනෝද සමය කතා මාලාවේ ‘බබා’ගේ චරිතය හරහා ඔහු අතිශය ජනප්‍රසාදයට ලක් විය.

1953 වසරේ දී චන්ද්‍රරත්න මානවසිංහ හා මීමන ප්‍රේමතිලක ආදීන්ගේ සහයෝගය මත ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ සමාගම හෙවත් ලේක්හවුස් ප්‍රකාශකයන් හා සම්බන්ධ විය.ඔහු එහි කනිෂ්ඨ සෝදුපත් කියවන්නෙක් ලෙස වසර දොළහක් සේවය කරනු ලැබීය. ලේක්හවුස් වෘත්තීය සමිතිය විසින් ගෙන ගිය අරගලවලට සම්බන්ධවීම හේතුවෙන් අවසානයේ ඔහුට රැකියාව අහිමි විය.

1954 දී බර්ටි ගුණතිලක ඔහුගේ සමීප මිතුරන් වූ ඇනස්ලි ඩයස් සහ සැමුවෙල් රොද්‍රිගු සමඟ එක්ව රේඩියෝ සිලෝන් සඳහා “විහිළු තහළු” විකට වැඩසටහන ඉදිරිපත්කරනු ලැබීය. එය අතිශයින් ජනප්‍රිය වූ අතර “ඩයස්-සැමුවෙල්-බර්ටි” ජනතාව හඳුන්වනු ලැබුවේ ‘‘රාජ තුන් කට්ටුව’’ වශයෙනි.

1983 රූපවාහිණිය ආරම්භ වීමත් සමඟ එහි ආරම්භක වැඩසටහන වන ‘නන්දන වින්දන’ සඳහා බර්ටි, ඇනස්ලි සහ සැමුවෙල් යන තිදෙනා දායක කර ගනු ලැබීය.

1960-1990 කාලයේ තිරගත වූ සෑම විකට වැඩසටහනක් සඳහාම බර්ටි ගුණතිලක නැතිවම බැරි චරිතයක් විය.

ඔහු කතාංග රචනයටද වැඩි නැඹුරුවක් දක්වන්නට විය. “විනෝද සමය” හි “අපුරු මළුව”, “සන්තෝෂය”, “අතේ අමරුව”, “අපුරු ආදරය”, “මාදුරු මැදිරි රෑ ගැනීම”, “ඌ මට ගැහුව, මට ඌ ගැහුව” ඔහු විසින් ලියන ලද ජනප්‍රිය කතාංග විය.

1951 දී රාජා වහබ් කාශ්මීර් විසින් අධ්‍යක්ෂණය කරන ලද “බණ්ඩා නගරයට පැමිණීම” බර්ටි ගුණසේකරයන්ගේ ප්‍රථම සිනමාගමනය විය. එය දේශීය චිත්‍රාගාරයක නිර්මාණය වූ පළමු චිත්‍රපටය ලෙසද ඉතිහාස ගතවේ.

ඉන්පසුව “පෙම් මල් මාලා”, “පාලම යට”, “දෙවියනි සත්‍ය සුරකින්න”, “මන මෝහිනී” සහ “සෝමි බෝයිස්” වැනි ජනප්‍රිය වාණිජ චිත්‍රපටවල සහය ප්‍රහසන චරිත රැසක රංගනයෙන් දායක වීමට ඔහුට හැකි විය.

2013 දී කිංස්ලි විජේසුන්දර මහතා විසින් බර්ටි ගුණතිලක චරිතය අළලා චරිතාපදානයක් ද රචනා කරන ලදි.එය “සදාදරණීය බර්ටි” නමින් ඔහුගේ 89 වන උපන්දිනය අළදා කොස්නාතොට ගොඩකවෙල පිහිටි ඔහුගේ නිවසේදී එළිදැක්විණි.

බර්ටි ගුණතිලක අවස්ථා ලණනාවකදී සම්මානයට ද පාත්‍ර විය. 2013 නොවැම්බර් මස 13 වන දින සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ජාතික සාහිත්‍ය කලා උළෙලේ දී “දේශ නේත්‍රු” සම්මානයෙන් ඔහු පිදුම් ලැබය.

2014 ජනවාරි 12 වැනි දින රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේදී රූපවාහිනී ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහුට ජීවිතයේ එක් වරක් පිදෙන් යාවජීව සම්මානයෙන් පිදුම් ලබා ඇත.

වේදිකාවේ,ගුවන් විදුලියේ, සිනමාවේ නොමැකෙන සිහිවටන ඉතිරිකර නික්ම ගිය බර්ටි ගුණතිලකයන් හට දිගුකාලීන සුව නින්දක් පතමු.

  • සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan