හැව්ලොක්ස් කණ්ඩායම පොලිසිය ඉදිරියට

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 07, කොළඹ (LNW):

නිපොන් පේන්ට් ප්‍රධාන අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක ජාතික ප්‍රතිමළුන් පිටු දැකීමේ රගර් තරගාවලියේ අවසාන තරගය සඳහා හැව්ලොක්ස් කණ්ඩායම සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.ඒ අනුව මෙවර සූරතාවය සඳහා වන අවසාන තරගය සඳහා තරග වඳින්නේ හැව්ලොක්ස් කණ්ඩායම සහ පොලිස් කණ්ඩායමයි.


ලීග් සූරයන් වූ සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම පරාජයට පත් කරමින් පොලිසිය පෙරළිකාර ජයක් ලබා ගත් අනු සූරයන් වූ මහනුවර මෙවර තරගාවලියට ඉකුත් වසරේදී මෙන්ම සහභාගි වූයේ නැත.එයට මහනුවර කණ්ඩායමේ අවශ්‍යයතාවය පරිදි තරග සැළසුම වෙනස් කරන්නට ශ්‍රි ලංකා රගර් එකඟ නොවීම ප්‍රධාන වශයෙන් බලපෑවේය.හැව්ලොක්ස් කණ්ඩායම තෙවන තැන සිටි අතර ඊයේ තරගයේදී වරක් සීඑච් ක්‍රීඩකයින් හැව්ලොක්ස් කණ්ඩායම අභිබවා යන අකාරයක් පෙන්නුම් කරමින් ලකුණු 22 – 14 ක් ලෙස ඉදිරියට ඇදිණ.එහෙත් සැමුවෙල් ජීවන්තගේ ආගමනයෙන් පසුව නැවත තරගය හැව්ලොක්ස් වෙත හැරුණු අතර අවසාන ප්‍රතිපලය ලෙස ලකුණු 37 – 27 න් හැව්ලොක්ස් කණ්ඩායම ජය ගත්තේය.
තරගයේ ප්‍රථම අදියර නිමා වෙද්දී හැව්ලොක්ස් කණ්ඩායම ලකුණු 14 – 12 ක් ලෙස පෙරමුණේ සිටියත් දෙවන අර්ධය ඇරඹීමත් සමඟ සීඑච් ක්‍රීඩකයින් පෙරමුණට ආවද එම තත්ත්වය දිගින් දිගට කළමණාකරනය කර ගැනීමට ඉඩක් හැව්ලොක්ස් ක්‍රීඩකයන්ගෙන් නොලැබිණි.

යළි තරගයට අවතීර්ණ වූ හැව්ලොක්ස් ක්‍රීඩකයින් දෙවන අර්ධයේදී ලකුණු 23 ක් එක් කර ගත්තේ සිඑච් ක්‍රීඩකයින් ලකුණු 15 ක් පමණක් ලබා ගනිද්දී ය.


හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ජයතු රාජරත්න උත්සාහක දිණුම් තුනක් ලබා ගත් අතර රන්දිත වර්ණපුර උත්සාහක දිණුම් දෙකක් වාර්තා කරන්නට සමත් විය.චතුර ඩිල්ශාන් ද එක් උත්සාහක දිණුමක් හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළේය.සීඑච් කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිණුම් හතරක් වාර්තා වූ අතර ඒවා නිරෝශ් පෙරේරා,

ප්‍රසාද් මධුශංක,මලික්ශ පෙරේරා සහ ගයාන් ඩිල්ශාන් වාර්තා කළහ.හැව්ලොක්ස් කණ්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් හයෙන් දෙකක් ජනිත් චන්දිමාල් අතින් සාර්ථකව ප්‍රවර්ථනය වූ අතර සැමුවෙල් ජීවන්ත අපූරු දඩුවම් පහරකින් ලකුණු ලබා ගත්තේය.සීඑච් කන්ඩායම ලබා ගත් උත්සාහක දිණුම් හතරෙන් දෙකක් නිවැරදිව ප්‍රවර්ථනය කරමින් ද,එක් දඩුවම් පහරක් නිවැරදි එල්ලයට යොමු කරමින් ද සීඑච් කණ්ඩායමේ ලකුණු ප්‍රමාණයට හිරූෂ නෙත්මිණ දායක විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...