තවත් රාජ්‍ය ආයතනයක් සඳහා අලුත් සභාපතිවරයෙක් පත් කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා වැඩ භාරගෙන තිබේ.

ඒ අනුව, ඊයේ (මාර්තු 06) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරියේදී ඒ මහතා නිල වශයෙන් සිය ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කර ඇත.

මාතර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිය මූලික සහ ද්විතීය අධ්‍යාපනය හදාරා ඇති පුරසිංහ මහතා, කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකි. පුද්ගලික ආයතන කිහිපයක ජ්‍යේෂ්ඨ තනතුරු කිහිපයක් හොබවා ඇති ඒ මහතා, වර්තමානයේ ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කරයි.

ලංගම හිටපු සභාපති රමාල් සිරිවර්ධන මහතා පසුගිය ජනවාරි 28 වනදා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව සඳහා මෙසේ නව පත්කිරීම සිදුකර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...