*
Saturday, March 22, 2025
spot_img

Latest Posts

ජාතික පොලිස් කොමිෂන් සභාවේ තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ (LNW):

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී ඇත. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි වන බව පැවසේ.

ඒ අනුව, නිවේදනයක් නිකුත්කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ, රාජ්‍ය නිවේදිත නිලධාරීන්ගේ ස්ථාන මාරුකිරීම් හා පත්කිරීම් සම්බන්ධව මෙය සිදුකෙරෙන බවයි.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී එම් කේ ඩී පලිස්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සිට ස්ථාන මාරු කර ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකවරයා ලෙසයි.

ගාල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එස් එම් කේ සී තිලකරත්න මහතා සැපයුම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස මාරු කර යවා තඇත. 

ඇමති ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනනුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සී බී මැදවල මහතා විශේෂ ආරක්‍ෂක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස පත් කර ඇත.

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඒ ඒ එදිරිමාන්න මහතා මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ සිට ගාල්ල කොට්ඨාස භාර නිලධාරි ලෙස මාරු කර යවා ඇත.

අධිකරණ ආරක්‍ෂක කොට්ඨාසයේ අධක්‍ෂ තනතුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී පී ජී දර්ශන මහතා මාරු කර ඇත්තේ සේවස්ථ පුහුණු කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරටයි. 

ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී එල් ඒ ඩී රත්නවීර මහතා මොණරාගල කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාස භාර නිලධාරීවරයා ලෙස මාරුකර යවා තිබෙන බව පැවසේ.

පොලිස් නාවික කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ රාජකාරී කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ එන් ගුණවර්ධන මහතාට ස්ථාන මාරුවීම් ලබා දී ඇත්තේ මොණරාගල කොට්ඨාස භාර නිලධාරියා ලෙසයි. 

මීට අමතරව ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ ජී බී පී සමරපාල මහතා කොළඹ උතුර කොට්ඨාස භාර නිලධාරී තනතුරට අමතරව අශ්වාරෝහක කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර ඇත. 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan