සෙක්සි වුණත් හෙල්දි නැති දුම්රිය සේවයේ වෙනසකට ප්‍රතිපත්තිමය තීරණයක් – කාන්තාවන්ටත් අවස්ථාව! (VIDEO)

කොළඹ LNW:හෙට (08) දිනට යෙදන කාන්තා දිනය නිමිති කොට ගෙන ලංකා ගමනා ගමන මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේන්තුවට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව සභානායක ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

පාසල් බස් රථ සේවය මෙහෙයවීම වැඩි වශයෙන් කාන්තාවන්ට ලබා දීම සඳහා බලාපොරොත්තුවක් ඇති අතර ඉදිරියේදී බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් සේවය කරන ආකාරය දැක ගත හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර ලංගම සහ දුම්රිය තුළ එම ප්‍රවාහන සේවය වෙන අතර තුර එම භූමි යොදාගෙන තවත් ව්‍යපාර අවස්ථා ඇති කිරීම ගඳ රජය අවධානය යොමුකර තිබෙන අතර ඊට නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් කමිටුවක්ද පත්කර ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම මහා මාර්ග ඉදිකිරීමේදී ටෙන්ඩර් පටිපාටියට අනුව නිසි ක්‍රමවේදයෙන් පැමිණ නිසි ප්‍රමිතියට මාර්ග ඉදිකළ යුතු වන අතර නියමිත පරිදි එම කටයුතු කරන්නේ නම් ගෙවීම් ද නිසි ලෙස සිදුකරන අතර එසේ නොකරන්නේ නම් ”සොරිම තමා” යනුවෙන්ද බිමල් රත්නායක මහතා පැවසුවේය. එම මාර්ග ඉදිකිරීමේදී ගම්වාසීන් ඊට සම්බන්ධ කරගැනීමද අවශ්‍ය අතර තමන්ගේ ප්‍රදේශයේ මාර්ගය නිසි ලෙස ඉදිකිරීම් සිදුවන්නේ ද යන්න සොයා බැලීමට ගම්වැසියන්ටද අවස්ථාව තිබෙන බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

එළඹෙන අවුරුදු කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කිරීමේදී ගෙවීම් සිදුකිරීම සඳහා බැංකු කාඩ් පත් භාවිතය සඳහා අවස්ථාව දීමටද බලාපොරොත්තු වන බවද හෙතෙම තවදුරටත් ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ උපන්දින ලිපිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පැවරූ නඩුව අධිකරණය ඉවත දමයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 01: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

අද සිට බැංකු සහ මූල්‍ය කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්යයයි !

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේ සිට බැංකු...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි – අද (01) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 01) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...