අසාද්ගේ පාලනය බිඳ වැටීමෙන් පසු සිරියාවේ දරුණු සටන් ඇවිලේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 07; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සටන්කරුවන් හා සිරියාවේ අන්තර්කාලීන ජනාධිපති අහමඩ් අල්-ෂාරා ට සම්බන්ධ හමුදා අතර රටේ වෙරළබඩ ප්‍රදේශයක දරුණු සටන් ඇවිලෙමින් පවතින බව වාර්තා වේ.

සටන් ආරම්භ වී ඇති ලටාකියා සහ ටාටවුස් වරාය නගරවල ඇඳිරි නීතිය පනවා ඇති අතර ප්‍රචණ්ඩත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව පිළිබඳ සිරියානු මානව හිමිකම් නිරීක්ෂණාගාරය සඳහන් කර තිබුණේ, රජයේ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු, හිටපු රෙජීමයේ හමුදාවට අනුබද්ධ තුවක්කුකරුවන් 32 දෙනෙකු සහ සිවිල් වැසියන් හතර දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 71 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

කැරලිකරුවන් පසුගිය දෙසැම්බර් මාසයේදී අසාද් බලයෙන් පහ කර ඉස්ලාමීය සංක්‍රාන්ති රජයක් ස්ථාපිත කිරීමෙන් පසු සිරියාවේ සිදු වූ දරුණුතම ප්‍රචණ්ඩත්වය මෙය වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක ජගත්ට එරෙහි පැමිණිල්ල විභාග කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම තීරණය කරයි

සටහන - රුවන් නෙළුගොල්ල කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ලැබී...

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

ශීත ඔලිම්පික් උළෙලෙන් දිස්වූයේ සාතන් වන්දනාවක් ද? “පස්කොන් තරුවේ” ඇත්ත කතාව මෙන්න!

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...