Home පුවත් මානුෂීය මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි දක්වන ගරුත්වය ඉහළයි – Marc-André 

මානුෂීය මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි දක්වන ගරුත්වය ඉහළයි – Marc-André 

රෂිකා හෙන්නායක මාර්තු 07, කොළඹ LNW :

ශ්‍රී ලංකා රජය විසින් ඉරාන නෞකාවක් සහ එහි කාර්ය මණ්ඩලය බේරා ගැනීමට ගනු ලැබූ ක්‍රියාමාර්ග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ ඇගයීමට ලක්ව ඇත.

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩ්‍රේ ෆ්‍රෙන්ෂේ මහතා ප්‍රකාශ කරන්නේ, මෙම මානුෂීය මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සම්මුතීන් කෙරෙහි දක්වන ගරුත්වය මැනවින් ප්‍රදර්ශනය වන බවයි.

රටක් වශයෙන් බහුපාර්ශ්විකවාදය සහ සාමය උදෙසා දක්වන කැපවීම මෙම මෙහෙයුම මගින් තහවුරු වී ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

ලෝක ප්‍රජාව හමුවේ ලබා දී ඇති පොරොන්දු සහ වගකීම් අකුරටම ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇති බව මෙමගින් අවධාරණය කෙරේ.

ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ අපක්ෂපාතීව කටයුතු කරමින් ජීවිත බේරා ගැනීමට මෙරට බලධාරීන් දැක්වූ දායකත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානය විශේෂයෙන් අගය කර ඇත.