අන්තර්ජාලය හරහා මුදල් ගරන්නන්ට හසු නොවන්න

Date:

ලීසිං වාරික ගෙවන්නන්ගේ සංගමයේ නීති උපදේශක නීතිඥ සඳරුවන් සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අන්තර් ජාලය හරහා ණය ලබාදීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවත් එයට හසු නොවන ලෙසත්ය.

මෙම ජාවාරම තුළින් දෛනිකව රුපියල් කෝටි 05 ක පමණ මුදල් ප්‍රමාණයක් බැංකු හරහා සංසරණය වන බවට දැන ගන්නට තිබෙන බවත්, මෙම ආයතනය හරහා ණය ලබාගත් පිරිස අතරින් මේ වන විට තිදෙනකු සියදිවි හානිකර ගෙන ඇති බවත් තවත් දෙදරු මවක් දිවි නසා ගැනීමට ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබෙන බවත් ඔහු කීය.

මෙම ආයතනයෙන් ණය ලබා ගැනීමේදී මුලින්ම රුපියල් 10,000 ක් බැංකු හරහා ලබාදී ක්‍රමයෙන් ලක්‍ෂ 2ක ණය මුදලක් ලබාගත හැකි බවත් ඒ මහතා පවසයි. ණය දීමට පෙර ණය ලබාගන්නා පුද්ගලයාගේ සියලු තොරතුරු ලබාගෙන ඔහුගේ ජංගම දුරකථනය හැක් කර ණය ගෙවීම් ප්‍රමාද කරන්නේ නම් ණය හිමියාගේ ඡායාරූපය සහිත දැන්වීමක් ‘ඔහු හොරෙක්’ ලෙස හඳුන්වා වට්ස් ඇප් හෝ වෙනත් ආකාරයෙන් ණය හිමියා ඇසුරු කරන පුද්ගලයන්ගේ ජංගම දුරකථනවලට විවිධ අදහස් දැක්වීම් සිදුකරන බවත් ඔහු පැවසීය.

මෙම ආයතනයේ ස්ථිර ලිපිනයක් සඳහන් වුවත් එය ව්‍යාජ එකක් බවත් එම ආයතනයට හිමිකරුවකු නොමැති බවත් විමර්ශනවලදී පිටිසර ගමක අවුරුදු 22 ක පමණ තරුණයකු මෙම ආයතනයේ අධ්‍යක්‍ෂ ලෙස හඳුන්වාදී ඇති බවත් නීතිඥ සේනාරත්න මහතා කීය. එම ආයතනයේ පුද්ගලයකු තමාගෙන් කොළවලට අත්සන් ගත් බවත් ඉන් එහා කිසිවක් තමා නොදන්නා බවත් පොලිස් විමර්ශනවලදී මේ තරුණයා පවසා ඇත.

මෙම ආයතනයෙන් ණය ලබාගෙන ණය ගෙවීම ප්‍රමාද කරන ණය හිමියන්ට විවිධ අංකවලින් අසභ්‍ය වචනවලින් බැන වැදීම් සිදුකරන බවට පැමිණිලි රැසක් මේ වන විට පොලිස් ස්ථාන කිහිපයක දමා ඇතත් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවත් නීතිඥ සේනාරත්න මහතා පැවැසීය.

සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසූවේ, මෙම ජාවාරම්කරුවන් මෙරට සිට හෝ විදෙස් රටක සිට ක්‍රියාත්මක වනවාද යන්න සැකයක් පවතින බවත් මේ සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුනොවීම නිසා මොවුන්ගෙන් ණය ලබාගන්නා පුද්ගලයන් අධික පොලියක් සමග ණය ගෙවීමට අපොහොසත් වීම නිසා සමාජයට මුහුණ දී ගත නොහැකි තත්ත්වයට පත්ව සිටින බවත්ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියාව සහ චීනය ග්‍රීන්ලන්තයේ බලය ලබාගැනීමට පෙර කළ යුතු දේ ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් ආරක්ෂා...

අගමැතිට එරෙහි සජබ ප්‍රහාරය දැඩි කරයි. මහජන අත්සන් ගැනීමත් අද අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාදක කරගනිමින් අධ්‍යාපන අමාත්‍ය...

සුගතදාසයට අපහාසයක් වන සුගතදාසයේ වැඩ සුගත්ගේ අණින් වෙනස් වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: //දැනටමත් ධාවන පථය තුළ...

SL Deshaya දර්ශන හඳුන්ගොඩ සමුගනී !

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන SL Deshaya නාලිකාවේ මාධ්‍යවේදී දර්ශන...