තුම්මුල්ලේ විමල්ගේ නඩුව විභාගයට දින නියම කෙරේ

Date:

2016 වසරේදී එවකට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී කොළඹ, තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු හය දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාගය සඳහා මැයි 30 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියම කළේය.

ඒ, එම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

විමල් වීරවංශ, ජයන්ත සමරවීර සහ මොහොමඩ් මුසම්මිල් යන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක යන හිටපු මන්ත්‍රීවරුන් ද හිටපු පළාත්සභා මන්ත්‍රී රොජර් සෙනවිරත්න මහතා ද මෙම නඩුවෙහි විත්තිකරුවන් වශයෙන් නම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...