ජාතික ඔලිම්ලික් කමිටුවට ක්‍රිඩා ඇමතිගෙන් ලා රතු එළියක්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 08, කොළඹ (LNW):

ශ්‍රී ලංකා ඔලිමිපික් කමිටුවට මාර්තු මස 16 වන දිනට පෙර යම් යම් කටයුතු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව දැනුවත් කරන මෙන් දැණුම් දීමක් සිඳු වී තිබෙන බව වාර්තා වෙනවා.කරුණු 12 ක් සහිත මාර්ගෝපදේශනයක් මේ දැණුම් දීමට ඇතුළත් කර තිබෙන අතර එහි වැඩිපුර අවධානය යොමු වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුව තුළ අන්තර් සහයෝගීතාවය රැක ගැනීමේ මඟ පෙන්වීම් බව ද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.


මෙහිදී අදාළ දැණුම් දීම කිරීමේදී ජාතික ක්‍රීඩා පණත පමණක් නොව ඔලිමිපික් ප්‍රඥප්තියේ ඇති මූලධර්ම පවා නොසළකා හැර තිබෙන බවට යම් ඉඟියක් ලබා දී ඇති අතර ඒ අනුව ක්‍රියා කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබෙනවා.මෙම කරුණු සම්බන්ධයෙන් දැණුම් දීම කිරීමේදී ජාතික ඔලිමිපික් කමිටුවේ ලේකම්,සභාපති සහ භාණ්ඩාගාරික වෙත එම ලිපි යොමු කිරීමට කටයුතු කර තිබෙන බව දැන ගන්නට ලැබෙනවා.
ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් සඳහා පුද්ගලයන් යොමු කිරීමේදී,මූල්‍යමය ගනුදෙනු කිරීමේදී පිළිගත් ක්‍රමවේද අනුගමනය කිරීමට මෙන්ම,ඇතැම් මුදල් පියවීමට කටයුතු කිරීම් නවතා දැමීමට ද මෙහිදී උපදෙස් ලබා දී ඇත.


විශේෂයෙන් පාර්ලිමේන්තුවේදි මහජන නියෝජිතයින් ඉදිරිපත් කළ කරුණු ද පදනම් කරගෙන එල්ලවෙන චෝදනා ඇසුරෙන් පරීක්ෂණයක් පැවත්වීමට ත්‍රීපුච්ගල කමිටුවක් පත් කරන්නට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවර ගෙන තිබිණි.ඒ අනුව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික රියල් අද්මිරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු සභාපතීත්වය දරන ත්‍රී පුද්ගල කමිටුවක් නම් කරන්නට යෙදිණ.එහි සෙසු සාමාජිකයින් වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ජගත් හේමන්ත ෆොන්සේකා සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති එන්.ආර්.එම්.ධර්මසිරි ය.


මේ තිදෙනාගේ විමර්ශන වාර්තාව පසන්ම කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා ජාතික ඔලිම්පික් කමිටුවට මේ ගැන දැණුම් දී ඇති අතර මාර්තු 16 වන දින වන විට මේ මාර්ගෝපදේශනයට අනුව ගත් ක්‍රියාමාර්ග ගැන අමාත්‍යවරයා දැනුවත් කළ යුතුව ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාත්‍රිය උදාවනතුරු ….

රාත්‍රිය උදාවනතුරුමේ දූපතේ, දූපත් වාසීන්තද නින්දේය ! නිහහඬ බව බිඳනිසොල්මන්...

ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික නායකයින්ට පරිභව කරමින් සිදුකරන ප්‍රකාශ හෙළාදකිනවා – කාදිනල් හිමි

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් ආගමික...

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...