ඉන්ඩිගෝ ගුවන් සේවය යාපනයට!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 08, කොළඹ (LNW):

යාපනය හා තමිල්නාඩුවේ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර දෛනික සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම තීරණය කර තිබේ. ඒ අනුව, මාර්තු මස 30 වන දින සිට එම කටයුතු ආරම්භ කරන බව ඉන්ඩිගෝ ගුවන් සේවය නිවේදනය කර ඇත.

ඉන්ඩිගෝ ගුවන් සමාගමේ ගෝලීය විකුණුම් ප්‍රධානී විනෙයි මල්හෝත්‍රා ප්‍රකාශ කර ඇත්තේ, යාපනය සහ ට්‍රිචි ගුවන්තොටුපොළ අතර ගුවන් ගමන් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා බවයි.ඔහු පෙන්වා දී ඇත්තේ, ව්‍යාපාරික හා ආගමික සංචාර සඳහා මෙම ගුවන් මාර්ගය ප්‍රචලිත වී ඇති අතර සෘජු ගුවන් ගමන් දෛනිකව ක්‍රියාත්මක කිරීම දෙරටේ ආර්ථික වර්ධනයට හේතුවනු ඇති බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...