Home විදෙස් රැපර් කෙනෙක්ගේ අතට ගොස් ඇති නේපාලයේ අගමැති පුටුව!

රැපර් කෙනෙක්ගේ අතට ගොස් ඇති නේපාලයේ අගමැති පුටුව!

සටහන – පුලී

මාර්තු 08, LNW (කොළඹ): නේපාලයේ මීළඟ අගමැති ධුරයට පත්වීමට පියවරක් ළං කරමින් රැප් ගායක බාලේන්ද්‍ර ෂා තම පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශයෙන් නේපාලයේ හිටපු අගමැති ෂර්මා කේපී ඔලි පරාජය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

බ්‍රහස්පතින්දා පැවති මැතිවරණයෙන් මන්ත්‍රීවරුන් 275 දෙනෙකුගෙන් යුත් නව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක්, එනම් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයක් තෝරා පත් කර ගත් අතර, ආසන 165ක් සෘජුවම සහ සමානුපාතික නියෝජනයක් මගින් 110ක් තෝරා ගන්නා ලදී.

සිව් වතාවක් අගමැති ධුරය හෙබවූ ප්‍රවීණ කඩ්ගා ප්‍රසාද් ෂර්මා ඔලි සහ ඔහුගේ මාක්ස්වාදී නායකත්වයෙන් යුත් රජය පසුගිය වසරේ විරෝධතාවලින් නෙරපා හරින ලදී. 

සැප්තැම්බර් මාසයේදී පැවැති ප්‍රචණ්ඩකාරී තරුණ විරෝධතා හේතුවෙන් රජය පෙරලා දැමීමෙන් පසු පැවති පළමු මහ මැතිවරණය, කෝපාවිෂ්ඨ, තරුණ Gen Z ඡන්දදායකයින් වෙනුවෙන් පෙනී සිටින නව පරම්පරාවේ දේශපාලනඥයින්ට කඳිම අවස්තාවක් විය.

74 හැවිරිදි ඔලිට එරෙහිව ඔහුගේ ජයග්‍රහණය සහ අගනුවර වන කත්මණ්ඩු නගරාධිපති ධුරයෙන් විභව අගමැති ධුරයට පත්වීම, මෑත කාලීන නේපාල දේශපාලනයේ වඩාත්ම නාටකාකාර ප්‍රතිඵලවලින් එකකි.

ෂාගේ Rastriya Swatantra Party (RSP) පක්ෂය සෘජුවම තේරී පත් වූ ආසන 165 න් 60 ක් දැනටමත් ජයග්‍රහණය කර ඇති අතර සෙනසුරාදා නේපාල මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිඵලවල තවත් මැතිවරණ කොට්ඨාශ 61 ක ඉදිරියෙන් සිටී.

සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ කෙරෙහි මහජන කෝපයේ රැල්ලක් ඇති කළ ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන අවධානයක් ලෙස දුප්පත් නේපාල ජාතිකයින් සඳහා වූ අවශ්‍ය සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසදීමේ අවශ්‍යතාවය ඔහු වඩාත් ඉස්මතු කළේය.