*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

බවර් සමාගම, තම කාර්යමණ්ඩලයට ප්‍රමුඛතාව සලසමින් ශක්තිමත් සහ අනාගතවාදී නායකත්ව පරපුරක් තනයි

2023 පෙබරවාරි 28

සේයාරුව :

  1. බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්, පරිපාලන, මිලදීගැනුම් සහ තිරසාරත්ව) කෙන් විජයකුමාර් මහතා 

මෙරට විශාලතම විවිධාංගීකරණ සමාගම් සමූහයක්වන A. Baur & Co. පුද්ගලික සමාගම හෙවත් බවර් සමාගම, සිය කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ ශක්‍යතා නැංවීමත්, නව අභියෝග භාරගැනීමට ඔවුන් හුරු කරවීමත් අරමුණු කරගනිමින් නවතම පරිවර්තන වැඩසටහන් කිහිපයක් ක්‍රියාවට නැංවීමට සැරසෙයි. 

මෙම සියලු පරිවර්තන වැඩසටහන්වලට මූලිකත්වය ලබාදෙන්නේ ප්‍රකට ව්‍යාපාර සහ පුද්ගල කළමනාකරණ වෘත්තීකයෙකුවන බවර් සමාගමේ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්, පරිපාලන, මිලදීගැනුම් සහ තිරසාරත්ව) කෙන් විජයකුමාර් මහතා විසින් වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනයේ (Chartered Institute of Personnel Management Sri Lanka – CIPM) වත්මන් සභාපතිවරයා ද වන ඔහු, CEO සඟරාව (ශ්‍රී ලංකාවේ) මගින් 2022 වසරේ මෙරට විශිෂ්ටතම මානව සම්පත් ව්‍යාපාර නායකයා ලෙස ද නම් කෙරුණි. 

නව වැඩපිළිවෙල යටතේ ළමා සහාය වැඩසටහනක් ක්‍රියාවට නැංවූ ශ්‍රී ලංකාවේ පළමු සමාගම බවට පත්වීමට ද බවර් සමාගමට හැකිවිය. විශේෂයෙන්ම වර්තමානයේ පවතින ආර්ථික අභියෝග හමුවේ එය කාර්යමණ්ඩල සාමාජිකයින්ට විශාල ප්‍රතිලාභයක් විය. මීට පෙර ද විවිධ අසීරු අවස්ථාවන්හිදී තම කාර්යමණ්ඩලයට සහාය වීමට සමාගම පියවර ගත් අතර, විශේෂයෙන්ම කොවිඩ් වසංගතය හමුවේ සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය තහවුරු කරන අතරතුර ඔවුන්ට විවිධ පරිත්‍යාග සිදුකිරීමටත්, ඔවුන්ගේ මානසික යහපැවැත්ම පවත්වාගැනීමටත් බවර් සමාගම නන් අයුරින් සහාය විය.

මෑතකදී ක්‍රියාවට නංවන ලද විවිධ පියවර අතර දින 15ක පීතෘ නිවාඩු පිරිනැමීම, සේවක සහන වැඩසටහන්, නව රැකියා අවස්ථා සඳහා අභ්‍යන්තර සේවකයින්ට ප්‍රමුඛතාව ලබාදීම, නව සේවකයින්ට වටිනා පිළිගැනීමේ භාණ්ඩ මල්ලක් ලබාදීම, දිනපතා කෙටි ආහාර ලබාගැනීමට ස්වයං සේවා පහසුකමක් ස්ථාපිත කිරීම ආදිය පෙන්වාදිය හැක. බවර් සමාගම නිරන්තරයෙන්ම තම කාර්යමණ්ඩලයට සවන්දීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර, සේවකයින්ගේ උපන්දින, සංවත්සර දින සහ වෙනත් ජයග්‍රහණ සැමරීමටත් Yammer වැනි අභ්‍යන්තර සන්නිවේදන ක්‍රමවේද භාවිත කරයි. ඊට අමතරව ඉහළ සේවක වටිනාකම් සැලසුමට අදාළව සක්‍රීය ලෙස සමාජ මාධ්‍ය භාවිත කිරීමට ද බවර් සමාගම කටයුතු කරයි. 

තව ද සේවකයින්ගේ වර්ධනය සහ සාර්ථකත්වය මැන බැලීමට අංග 9කින් යුත් විද්‍යාත්මක ක්‍රමවේදයක් භාවිත කරන අතර එහිදී ඒ ඒ සේවකයා සතු විභවතාව ද සැළකිල්ලට ගැනේ. එම ක්‍රමවේදය ඉතාමත් පාරදෘශ්‍ය අයුරින් සිදුවන අතර, වැඩ අධීක්ෂක පක්ෂග්‍රාහීත්වය වැනි කිසිදු අනිසි බලපෑමකට යටත් නොවී එම පරීක්ෂාව සිදුකිරීමට ඉන් අවකාශ සැලසේ. 

සමාගමේ ඉදිරි ව්‍යාපාර වර්ධනය ද සැළකිල්ලට ගනිමින්, පසුගිය වසරේදී බවර් නායකත්ව පුහුණු වැඩසටහන ආරම්භ කෙරුණු අතර, එහි පරමාර්ථය වූයේ සමාගමේ අනාගත නායකත්ව තනතුරු සඳහා වර්තමාන කාර්යමණ්ඩලය පුහුණු කිරීම සහ සංවර්ධනය කිරීමයි. AIESEC (Association internationale des étudiants en sciences économiques et commerciales)) සමඟ ද හවුල්කාරීත්වයක් ඇති කරගත් බවර් සමාගම ඒ හරහා විශ්ව විද්‍යාල සිසුන් අතර තරුණ නායකත්ව ප්‍රවර්ධනයට දායක වූ අතර, සැලසුම් සහගත ආධුනිකත්ව අවස්ථා පිරිනමමින් ඔවුන්ට අනාගත රැකියා අවස්ථා ද පිරිනමයි. 

සෑම සේවකයෙකුගේම පෞද්ගලික වර්ධනය පිළිබඳ දැඩිව විශ්වාස කරන බවර් සමාගම ඔවුන් සියලුදෙනාට උසස් අධ්‍යාපනය හැදෑරීමටත්, වෘත්තීය සුදුසුකම් ලබාගැනීමටත් දිරිය සපයයි. කළමනාකාරීත්වයේ සහ ඊට ඉහළ වෘත්තීය ශ්‍රේණිවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයින්ට දෙස් විදෙස් විවිධ වෘත්තීය සංවිධානවල සාමාජිකත්වය මෙන්ම ඒවායේ තනතුරු දැරීමට ද ධෛර්යමත් කරයි. ඔවුන්ට ඒ වෙනුවෙන් විශේෂිත ආයතනික සහ සමාජ ආචාරශීලීත්වය පිළිබඳ පුහුණුවක් ද ලබාදෙයි. 

පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී Colombo Toastmasters Club හි මඟපෙන්වීම යටතේ Baurs Toastmasters Club (BTC) ස්ථාපිත කිරීමට ද සමාගම සහාය විය. ටෝස්ට්මාස්ටර් සංගමයේ ද ඉහළ සාමාජිකත්ව වර්ධනයක් මේ වනවිට දැකිය හැක. ඒ හරහා කාර්යමණ්ඩල සාමාජිකයින්ට පොදු කථනය ඇතුළු පුළුල් පරාසයක සන්නිවේදන කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ සැලසී ඇත. 

සමාන රැකියා අවස්ථා ලබාදීම පිළිබඳ දැඩි ලෙස විශ්වාස කරන බවර් සමාගම, විවිධත්වය-සමානාත්මතාව-අන්තර්කරණය යන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් අන්‍යෝන්‍ය ගරුත්වය, අවංකභාවය සහ ඒකීයබව පිරුණු සේවා සංස්කෘතියක් ගොඩනංවා ඇත. 2021 වසරේදී බවර් සමාගම එක්සත් ජාතීන්ගේ ගෝලීය සංයුක්ත ආයතනික වගකීම් වැඩසටහන අනුගමනය කිරීම ආරම්භ කළ අතර, ඒ ඔස්සේ මානව හිමිකම්, කම්කරු, පරිසර සහ දූෂණ විරෝධී  යන අංශ කෙරෙහි ඉහළ අවධානයක් යොමුකරයි. 

– අවසන් –

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan