*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

කවියෙක් ධාවන පථයේ ලියූ වැකියක්

අද කාන්තා දිනයයි.ලොව පුරා විවිධ වර්ගයන්ට වෘත්තියන්ට ගෞරව කරන්නට දිනයක් ඇත.එයින් අදහස් වන්නේ ඒ දිනයේදි පමණක් ඔවුන්ට ගරු කළ යුතු බව නොවේය.එහෙත් ඒ දිනයේදීවත් ගෞරවයට ලක් නොවන අය සිටියි.ඒ දිනයේ වරදක් නොව,එය භාවිතා කරන ආකාරයේ වරදක්ය.

අද අප අවධානය යොමු කරන කාන්තාව ක්‍රීඩා ඉතිහාසය පුරා දවසක් පමණක් කතා කර පසෙකින් තැබිය යුතු කාන්තාවක් නොවේය.ඇය හැම මොහොතකම ක්‍රීඩාව ගැන කතා කරන අවස්ථාවේ දි අමතක කළ නොහැකි චරිතයක්ය.විශේෂයෙන් ඇය මලල ක්‍රීඩාවේදී දක්වා තිබෙන දස්කම් ඉතාමත් ඉහළය.
ඇය නමින් මරියා ඩී ලූස් මොටෝලා ය.ප්‍රකට නම මුටෝලා ය.ඇය සතුව ලෝක සූරතා මලල ක්‍රීඩා සූරතාවලියෙන් උපයාගත් රන් පදක්කම් තුනක් ඇත.එසේම ශ්‍රී ලංකාවට ඓතිහාසික වටිනාකමක් ගෙනා සුසන්තිකා ජයසිංහගේ ඔලිම්පික් පදක්කම දිනූ ඔලිම්පික් උළෙලේ මීටර් 800 රන් පදක්කම දිනා ගත්තේ ද මුටෝලාය.මීටර් 800 ඉසව්වේ විශේෂඥයෙක් වන මුටෝලා ලෝක සූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී දිනා ඇති රන් පදක්කම් ප්‍රමාණය හතරකි.


මටෝලා 1988 දී පළමුවරට ඔලිම්පික් උළෙලක් නියෝජනය කරන්නීය.එතැන් සිට වසර වසර විස්සක කාලයක් හය වතාවක් ඇයව අපට ඔලිම්පික් පිටියේදී දැක ගන්නට ලැබිණ.එසේ හය වතාවක් ඔලිම්පික් තරග නියෝජනය කර ඇති මලල ක්‍රීඩිකාවන් ඇත්තේ සිව් දෙනෙක් පමණි.ඒ අතරින් ඇය විශේෂ වන්නේ ඔලිම්පික්, ලෝක, ලෝක ගෘහස්ථ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා, මහාද්වීපික ක්‍රීඩා සහ මහද්වීපික ශූරතා ශූරතා එකම ඉසව්වෙන් දිනාගත් එකම ක්‍රීඩිකාව වන නිසාය. මුටෝලා මීටර් 800 ඉසව්වේ ලෝක වාර්තාව සිය නමට ලියා ගන්නට අපොහොසත් වුව ද,බොහෝ විචාරකයින් ඉහත දස්කම් සළකා ඇය මීටර් 800 ඉසව්ව වෙනුවෙන් බිහි වූ දක්ෂතාම ක්‍රීඩිකාව සේ හඳුන්වන්නේය.

වයස අවුරුදු 15 දී ඔලිම්පික් තරගයක් නියෝජනය කළ මුටෝලා මොසැම්බික් රාජ්‍යයේ අතිශයින් දුප්පත් මිනිසුන් ජිවත්වන චාමන්කුලෝනම් පැල්පත් නගරයෙන් බිහි වූ ක්‍රීඩිකාවක් විය.ඇය කුඩා අවධියේ දී කාන්තාවන්ට පාපන්දු ක්‍රීඩා අවස්ථාවක් නොතිබුණ බැවින්,පාපන්දු ක්‍රීඩාවට ඇල්මක් දැක් වූ මුටෝලා කොල්ලන් සමඟ කරට කර පාපන්දු ගැසුවාය.ඇය දෙස බලා සිටි මොසැම්බික් හි ප්‍රමුඛ පෙළේ සාහිත්‍යකරුවෙකු වන, දැඩි ක්‍රීඩා ලෝලියෙකු වූ කවියෙකු වූ ජෝස් ක්‍රේවෙරින්හා විසින් මලල ක්‍රීඩා කිරීමට ඇයව දිරිමත් කළේය.ඔහු සිය පුතු වූ ස්ටෙලියෝ වෙත මුටෝලා පුහුණුව සඳහා යොමු කළේ ඔහු 1980 ගිම්හාන ඔලිම්පික් තරඟාවලියට තරඟ කළ හිටපු ජාතික දුර පැනීමේ වාර්තා හිමිකරුවෙක් වූ බැවිනි.

දුප්පත් මුටෝලා පසුව පෘතුගාලයේ සංචාරයකින් පසුව, ඇය ලිස්බන් නුවර පිහිටි බෙන්ෆිකා මලල ක්‍රීඩා සමාජයට සම්බන්ධ වීමට සැලසුම් කර තිබුණත් මොසැම්බික් රජය ඊට අවසර නොඳුන්නාය.පසුව ද සුළු එදිරිවාදීකම් තිබුණ ද මුටෝලාට ඇමෙරිකානු පාසලකින් ශිෂ්‍යත්වයක් හිමි විය.ඉංග්‍රීසි බස නොදැන සිටියත් එහි සිටි අයෙකුගේ පෘතුගීසී භාෂා දැණුමෙන් අවශ්‍යය අධයාපනය පියවා ගන්නට සමත් වූ මුටෝලා ඇයට අවුරුදු 19 දී 1971 වසරේ ටේකියෝ නුවර පැවති ලෝක සූරතා තරගාවලියේ ධාවන පථයේ සිඳු වූ විවිධ බාධා කිරිම් මැඩ සිව්වැනියා වූයේ එවකට පැවති ලෝක කණිෂ්ඨ මීටර් 800 කාන්තා වාර්තාව ලෙස විනාඩි 1:57.63 ක කාලයක් වාර්තා කරමින්ය.
දැන් ද මුටෝලා විශිෂ්ඨ බව කියන්නට හේතු ඇත.ඒ ඇය තවමත් ධාවන පථයේ අධෘශ්‍යමානව දස්කම් දක්වන නිසාය.ඔලිම්පික් රන් පදක්කම් දෙකකට සහ ලෝක සූරතා රන් පදක්කම් තුනකට හිමිකම් කියන දකුණු අප්‍රිකාවේ කැස්ටර් සෙමෙන්යා ගේ පුහුණුකාරිය මුටෝලා ය.සෙමෙන්යා ද මුටෝලා මෙන්ම පාපන්දු පිටිය හරහා පැමිණ මලල ක්‍රීඩා පිටිය ආක්‍රමණය කළ ක්‍රීඩිකාවක්ය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan