*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/08

  1. ආර්ථිකය ස්ථායී කිරීමට තම රජයට බොහෝ දුෂ්කර තීරණ ගැනීමට සිදුවූ බවත්, ආර්ථික වර්ධනය තහවුරු කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – රජයට චීනයේ එක්සිම් බැංකුවෙන් ද අවශ්‍ය සහතිකය ලැබුණු බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළ අභිප්‍රාය ප්‍රකාශ කිරීමේ ලිපිය (Letter of Intent) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමුකළ බවත් පවසයි.
  2. සැලසුම් කළ පරිදි මාර්තු 09 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි බැවින් එය පැවැත්වීමට වඩාත් ම සුදුසු දිනය අප්‍රේල් 25 වන දින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
  3. “චීනය, ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු සියළු ප්‍රධාන ණයහිමියන්ගේ මූල්‍ය සහතිකය ලබා ගැනීම සහ තීරණාත්මක ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට” ශ්‍රී ලංකා බලධාරීන් කටයුතු කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා සිය ප්‍රශංසාව පළකරයි – “ශක්තිමත් සහ ඇතුළත්භාවයෙන් යුතු වර්ධනයක මාවතක් කෙරේ” රට යොමු කරනු වස් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණ වැඩසටහනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම උපකාර කරනු ඇති බව ද පවසයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් ලබා ගත් බොහෝ රටවල් ඉන් අනතුරුව බරපතල ආර්ථික සහ දේශපාලනික අස්ථාවරභාවයකට මුහුණ දී ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  4. මෑත දින සිදුවූ පොලී අනුපාත ඉහළ යෑම ද සමඟ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු කොන්දේසි සපුරා ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – වෙළඳපොල ඉලක්කකළ විදේශ විනිමය ප්‍රතිපත්තියකට මහ බැංකුව යොමු වූ බවට තහවුරු කරයි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම මෙම මාසය තුළ අනුමත වනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පවසයි.
  5. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව විකුණුම් මිල රු. 335 ලෙසත්, ගැනුම් මිල රු. 315 ලෙසත් සනිටුහන් කරමින් රුපියලේ අගය තවදුරටත් ඉහළ යයි – කෙසේවෙතත්, මේ වන විට මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියල ස්ථාවර කිරීමේ ප්‍රතිපත්තිය අතහැර දමා ඇති බැවින්, රුපියලේ අගය නුදුරේදීම යළි අවපාත වීම ආරම්භ වනු ඇති බව බොහෝ විශ්ලේෂකයන්ගේ මතයයි – ශ්‍රී ලංකාවේ තත්ත්වය හා සමාන තත්ත්වවලට මුහුණ පෑ බොහෝ රටවල දේශීය මුදල් ඒකක උඝ්‍රලෙස අවපාත වූ බව ද ඔවුහු පෙන්වා දෙති.
  6. ගතවූ මාස කිහිපය තුළ ආර්ථික අර්බුදය දැඩි ලෙස උඝ්‍ර තත්ත්වයට පත්වීම හමුවේ, වයස 20 – 40 අතර පිරිමින් වැඩි ප්‍රමාණයක් “පිරිමි ලිංගික වෘත්තිය” සඳහා ලියාපදිංචි විය හැකි වෙබ් අඩවි වල ලියාපදිංචි වී ඇති බව, ශ්‍රී ලංකාවේ ලිංගික වෘත්තිය පිළිබඳ සිදුකළ සමීක්ෂණයකදී හෙළි වෙයි – තම දිවි ගැටගසා ගැනීමට කාන්තාවන් ද වැඩි ප්‍රමාණයක් ලිංගික වෘත්තියේ නියැලීමට පටන් ගෙන ඇති බව ද එම සමීක්ෂණයෙන් හෙළි වෙයි.
  7. නව මහ බැංකු පනත හරහා මුදල් අධිකාරියට පමණට වඩා ස්වාධීනත්වයක් ලබා දී තිබීම කෙරේ ඉහළ පෙලේ ආර්ථික විශේෂඥයකු වන ආචාර්ය හවර්ඩ් නිකොලස් සිය දැඩි අවධානය යොමුකරයි – මෙම පනත සම්මත වූවහොත්, රටේ මුදල් පිළිබඳ බලය පාර්ලිමේන්තුවෙන් ගිලිහී ගොස් ජනවරමක් නොමැති කණ්ඩායමකට ලැබෙනු ඇති බවට අනතුරු අඟවයි.
  8. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ භූමිකාවක් ඉටුකළ බව එම පක්ෂයේ පා.ම. කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසයි – ලබා ඇති ප්‍රගතිය පිළිබඳව වත්මන් ජනාධිපතිවරයාට ස්තූතිය පළකළ යුතු බව ද පවසයි – රුපියල ස්ථායී වෙමින් පවතින බවත්, ආර්ථිකය ප්‍රකෘතිමත් වෙමින් පවතින බවත්, විදේශ සංචිත ඉහළ යමින් පවතින බවත් සහ සංචාරක කර්මාන්තය වර්ධනය වන බවත් පවසයි.
  9. කොළඹ කොටස් වෙළඳපොලේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ලකුණු 9,643 දක්වා ලකුණු 198 කින් දැඩිලෙස ඉහළ යයි – පිරිවැටුම රු. බිලියන 3.43 කි.
  10. ලාභ ලබන සහ පාඩු ලබන රජය සතු ව්‍යාපාර විකිණීමෙන් ඇ.ඩො. බිලියන 4.5 ක් ඉපයීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව රජයේ නිලධාරීන් දෙදෙනෙක් පවසති – මෙලෙස විකුණනු ලබන ව්‍යාපාර 14 ක් ඇති අතර, ඒ අතර ශ්‍රී ලංකා ටෙලිකොම්, ලිට්රෝ ගෑස්, ශ්‍රී ලංකන් කේටරින්, එයාර්පෝට් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලිං, හිල්ටන් හෝටලය, සහ නම් නොකළ තවත් සමාගම් කිහිපයක් වෙයි – රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 04 කට යටත් ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකමේ ප්‍රධාන කොන්දේසියකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan