ධම්මිකගේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට කැබිනට් අනුමැතිය !

Date:

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ පා සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩගැනීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් රජයට ඉදිරිපත් කරන ලද විශිෂ්ඨ යෝජනාවක් වූ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන”ට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මෙම වැඩසටහන පිළිබඳ යෝජනාව පසුගියදා පැවති ව්‍යාපාරික හමුවේදී ධම්මික පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ජනාධිපතිවරයා නියම කර තිබුණේ සතියක් තුළ එය ක්‍රියාවට නැඟීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.

ඒ අනුව මීට අදාළ කැබිනට් පත්‍රිකාව පසුගිය සතියේදී සකස් කර ඇති අතර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් එය ඊයේ (07) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

ඊට කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

විදේශිකයින්ට ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන නේවාසික වීසා බලපත්‍ර ලබාදීමට අදාළව මෙම වැඩසටහන සම්පාදනය කර ඇති අතර ඔවුන්ගෙන් ලබාගන්නා තැන්පතු මුදල් හරහා මෙරටට විදේශ විනිමය රැස්කර ගැනීමට මින් යෝජිතය.

ඒ අනුව එසේ පැමිණෙන විදේශිකයින් සඳහා පහසුකම් සැපයීමට අදාළ සාත්තු නිවාස ඇතුළු යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කිරීමට ද විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් රැසක් මේ වනවිටත් සූදානමින් සිටින බවත් වාර්තා විය.

එමෙන්ම මෙම වැඩසටහනට විදේශිකයින් ආකර්ශනය කරගැනීම සඳහා අවශ්‍ය කෙරෙන ප්‍රධානතම කරුණක් වන ජාත්‍යන්තර තලයේ ප්‍රචාරණය ලබාදීමට ද තමන් සූදානම් බවයි ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා අප සමග පැවසුවේ.

මෙම වැඩසටහන ඔස්සේ නේවාසිකභාවය ලබාගැනීමට අපේක්ෂා කරන විදේශිකයකු මුලින්ම මෙරට බැංකු ගිණුමක් ආරම්භ කර ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් එහි තැන්පත් කළ යුතු වන අතර එයින් වසරකට පසු අදාළ පුද්ගලයාට එම මුදලින් ඇමරිකානු ඩොලර් 50,000ක් දක්වා මුදලක් ආපසු ගතහැකි අතර දෙවැනි වසරේ සිට ඉදිරියට ඔහු හෝ ඇය මෙරට රැඳී සිටින සම්පූර්ණ කාලය තුළ අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000 ක ශේෂයක් එම ගිණුමෙහි පවත්වාගෙන යා යුතු බවටයි ධම්මික පෙරේරා මහතා සිය වැඩසටහනෙන් යෝජනා කර ඇත්තේ.

මෙසේ “ස්වර්ණමය පාරාදීසය වැඩසටහන” හරහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වාගත හැකි නම් එක් අයෙකු ඇමරිකානු ඩොලර් 100,000 බැගින් කරන තැන්පතු හරහා ඇමරිකානු ඩොලර් බිලියන 05ක විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකි වේ. නිසි ජාත්‍යන්තර ප්‍රචාරණයක් සහිතව කටයුතු කරන්නේ නම් නේවාසිකභාවය සඳහා විදේශිකයින් 50,000ක් මෙරටට ගෙන්වා ගැනීම යනු අසීරු ඉලක්කයක් ද නොවේ.

එමෙන්ම මාසික ආදායම ඇමරිකානු ඩොලර් 2,000 ට වැඩි, වයස අවුරුදු 60 ඉක්මවූ විදේශිකයින් සඳහා වසර 10ක වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද ඒ මහතා සිය වැඩසටහන මගින් යෝජනා කර තිබේ.

RN

සබැඳි පුවත් –

http://139.59.240.222/02/22/7845/
http://139.59.240.222/02/11/6526/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...