අපි හදපු ජනවරම බැසිල් පික්පොකට් ගැහුවා. අද රට පාලනය කරන්නේ ඔහුයි – විමල්

Date:

තමන් පුරෝගාමීව කැපවීමෙන් නිර්මාණය කළ ජනවරම බැසිල් රාජපක්ෂ මහතා විසින් පික්පොකට් ගැසූ බවත් අද රට පාලනය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා විසින් නොව බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

“අපි ඉතාම පුරෝගාමීව කැපවෙලා නිර්මාණය කරපු ජනවරමක්, ඒ ජනවරමේ අයිතිවාසිකමෙන් අපට ගැලවෙන්න බෑ. සහ ඒ ජනවරමට සම්පූර්ණ පටහැණි අතකට මේ රටේ ආර්ථිකය ඇදගෙන යන්න හදනවා නම්, විශේෂයෙන්ම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන පුද්ගලයා විසින්, ඒ ජනමතය නිර්මාණය කරන්න කැපවෙච්ච අපටම ඒ තත්වයට එරෙහිව ක්‍රියාමාර්ග තෝරන්න සිද්ධ වෙනවා. ඒක අපි ඒ ජනමතයට අවංක වීමක්”

“කිසිසේත්ම වර්තමාන මුදල් අමාත්‍යවරයා ඇමති තනතුරක් දරණ අමාත්‍ය මණ්ඩලයක නියෝජිතයෙක් වෙන්න මගේ කිසීම බලාපොරොත්තුවක් නෑ. ඒකට හේතුව අද මේ රට පාලනය කරන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නෙවෙයි, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නෙවෙයි, ඒ ලැබිච්ච ජනවරම පික්පොකට් ගහලා, ඒ ජනවරමට පස්ස පැත්ත හරවලා මේ රට පාලනය කරන්නෙ බැසිල් රාජපක්ෂ කියන මුදල් අමාත්‍යවරයා. ඇත්ත කතාව ගත්තොත් ඔහු ඇමරිකානුවෙක්. ඔහුගේ ජීවිතයේ සැඳෑසමය ගෙවෙන්නෙ ඇමරිකාවෙ. ඇමරිකානුවෙකුට ඕනෙ විදියට මේ රට නටවන්න අපි ඉඩදෙන්නෙ නෑ”

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) දිනයේදී ඒ මහතාගේ උපන්දිනය වෙනුවෙන් අනුරාධපුරයේ පැවති විශේෂ ආගමික වැඩසටහනකට පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඩුලු වර්ෂාවට හසු නොවුණ කුසල්ගේ ඉණිමෙන් ලංකාවට ඉණිමක ජයක් බලාපොරොතුවක්

නිශ්මං රණසිංහ ජුනි 27, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති සහ ජාතික ජන බලවේගයේ නායකයින් අතර හමුවක්!

කොළඹ LNW:දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනපති තාබෝ ම්බෙකි (Thabo...

ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ් පිට්ගේ ලොස් ඇන්ජලීස් නිවස කොල්ල කයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඔස්කාර් සම්මානලාභී බ්‍රැඩ්...

වයඹදිග පකිස්ථානයට හදිසි ගංවතුර තත්වයක්; හයදෙනෙකු මියගොස් නව දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිජුනි 27; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග කයිබර් පක්තුන්ක්වා...