වැඩි දවසක් දුක් විඳින්න වෙන්නෙ නෑ. තව පෝය අටකින් ගැහැණු හැමෝගෙම ඔළුවෙ ඔටුන්නක් – NPP කොට්ටච්චි

Date:

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට දුක් විඳීමට සිදුවන්නේ තව මාස අටක කාලයක් පමණක් බවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පසු සියලුම කාන්තාවන්ට ඔටුණු පළඳන බවත් එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් විධායක සභික නීතීඥ නිලන්ති කොට්ටච්චි මහත්මිය පවසයි.

“ලෝකෙ රටවල්වල ගැහැණු සැනසීමෙන් හුස්ම ගනිද්දී ලංකාවේ අපි ගෙවල්වලට වෙලා දුක් විඳිනවා. ඇයි ? අපේ කසාද මිනිස්සු නිසාද ? නෑ. අපේ දරුවෝ නිසාද ? නෑ. අපේ දෙමව්පියෝ නිසාද ? නෑ. අපි කතිරයක් ගහලා අපිව පාලනය කරන්න පත්කරත්ත ඒ නරුම පාලකයො නිසා. හැබැයි ඔවුන් ඔවුන්ගෙ යුතුකම කළේ නෑ. ඒ නිසා අද ගැහැණු විදියට අපට සිද්ධ වෙලා තියෙනවා මේ පාරට බැහැලා හරි ජාත්‍යන්තර කාන්තා දිනය දවසේ ලංකාවට විතරක් නෙවෙයි ලෝකයටම කියන්න ලංකාවේ ගැහැණු කොච්චර පීඩාවක් ඉවසාගෙන ඉන්නවද කියලා. හැබැයි තවදුරටත් අපි ඒක ඉවසන්න අවශ්‍ය නෑ සහෝදරයිනි. මේ පාලනය ප්‍රභූ පැලැන්තියෙන් මේ මහපොළවේ දුක් විඳින හැම ගැහැණියකගේම අතට ලැබෙන දිනය වැඩි ඈතක නෙවෙයි. තව පෝය අටකින්, අපි හැමෝගෙම ඔළුවෙ තියෙන්නෙ ඔටුන්නක්, මතක තියාගන්න”

නිලන්ති කොට්ටච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (08) කළුතරදී පැවති කාන්තා දින සමරුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...

ADB වෙතින් මහවැලියට ඩො.මි. 200ක ණය පහසුකමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 ,කොළඹ LNW : මහවැලි ගඟේ අතිරික්ත...

චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන්!

කොළඹ LNW:චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය දින දෙකක් පුරා...

පා.ම. අශෝක රන්වල අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : අන්ත්‍රාදායක ලෙස...