සයිප්‍රසයේ සිට ගාසා තීරයට ආධාර යැවීමට මුහුදු කොරිඩෝවක් විවෘත කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 09,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සාගතය හේතුවෙන් ජිවිත බිලි ගනිමින් පවතින ගාසා තිරයට මානුෂිය ආධාර යැවීම සඳහා සයිප්‍රසයේ ලාර්නාකා වාරයේ සිට ගාසා තීරයට ආධාර යැවීමට මුහුදු කොරිඩෝවක් මෙම සති අන්තයේ විවෘත කරන බව යුරෝපා සංගමය නිවේදනය කර ඇත.

ඒ ආනුව අද(09)දිනයේදී වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් නම් පුණ්‍යායතනය විසින් සපයනු ලබන ආහාර ආධාර ලබා ගත පළමු බෙදාහැරීම ස්පාඤ්ඤ සෙවුම් සහ ගලවා ගැනීමේ කණ්ඩායමක් වන ඕපන් ආර්ම්ස් විසින් මෙහෙයවනු ලබන නෞකාවක් සමඟින් නියමු බෙදාහැරීමක් වශයෙන් සිදු කිරීම අපේක්ෂා කෙරේ.

කෙසේ නමුත්, ඊයේ(08)දිනයේදී ජනාධිපති ජෝ බයිඩන් විසින් එක්සත් ජනපද හමුදාවන් විසින් ගාසා වෙරළ තීරයේ මහා පරිමාණයෙන් මානුෂීය ආධාර බෙදා හැරීමට ඉඩ සලසන තාවකාලික නැව් තටාකයක් ගොඩනඟන බව රාජ්‍ය සංගමයේ දේශනයකදී සඳහන් කර තිබු අතර තාවකාලික නැව් තටාකයක් ගොනැගීම හා මුහුදු කොරිඩෝවක් නිර්මාණය කිරීම අතර සැලැස්ම කුමක්ද යන්න පැහැදිලි නැත.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලය සඳහන් කර තිබුණේ, සමුද්‍රීය කොරිඩෝව විවෘත කිරීම සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කර ඇති නමුත් ඕනෑම භාණ්ඩයක් දැඩි ආරක්ෂක පරීක්ෂාවකට ලක් කළ යුතු බවට අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නාය යෑමේ අවධානමක් – පවුල් 238ක් ඉවත් කරයි

කොළඹ LNW:නායයෑම් අවදානම හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් පවුල් 238කට...

ක්‍රීඩාවෙන් ගං වතුර බැස යයි – පස් කඳු ඉවත් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 11, කොළඹ LNW: ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නැවත...

අද (11) කාලගුණය වෙනස් වන හැටි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...