*
Monday, May 12, 2025
spot_img

Latest Posts

ජනපති e කොළම.

 

අශෝක ජයතුංග

මාර්තු 09 වොෂින්ටන් LNW :

🎀කපටි නරියා හා කපුටාගේ මහ රෑ හමුව….?

🎀රනිල් නෝන්ඩි කිරීමේ කෝප් මෙහෙයුම….?

🎀රනිල් ඉරිදා වැඩ අල්ලයි. අදක්ෂයන්ට, අත්දැකීම් නැති අයට යළිත් රට දීලා පෝළිම් වල මැරෙනවද…..?

🎀රනිල් රෝයල් වෙනුවට  මහින්ද, ආනන්ද,නාලන්ද බොදු පාසල් වලට බැල්ම දැමීම.    

🎀ජනපති ලේකම්ටත් වඩා පඩි වැඩි සර්ව බලධාරී පියන් ලා…..? 

🎀මහබැංකුව නිරුවතින් ලෙfප්ට්….?

🎀ඇමෙරිකන් මහින්ද හා හරීන්ගේ ටුවරිසම්….?

🎀රට දෙවරක් වැනසූ අයට රටවල් දීල බැරි බවට සුළු ජාතික මතය….??

                    රාජපක්ෂලා බොක්කෙන්ම මිනිසුන් අන්දලා ඡන්ද ගන්නට හපනුන්ය.රනිල් ට ඇන්දිල්ල හා බොරුව බැරිය. රට හා ජනතාව ගැන රනිල් ට ඇති හැගීම පිටතට නොපෙනීම ඔහුට පාඩුවකි. සින්නක්කර ඔප්පු බෙදීම හා අස්වැසුම ගැන ඔහු දැන් බොක්කෙන්ම මිනිසුන්ට දැනෙන්නට හැසිරෙන්නේ ඡන්ද නිසා යයි හිතුනද රනිල් ඡන්ද බලාගෙන වැඩ කරන්නෙකු ද නොවේය.

       අත උඩ තිබූ බොහෝ දේ කටට දාගන්නට රනිල් ට බැරිවූයේ එහෙයිනි. 2005 දී උ/ නැ ට අන්තර් පාළනයක් දෙනවායි කොටින්ට ලියුමක් දුන්නා නම් එදා ජනපති කොටින්ට කප්පම් දුන් මහින්ද නොව රනිල් ය.

       ත්‍රිමලේ නාවික හා ගුවන් හමුදා උත්සව රැසකට ගිය ජනපති තඹලගමුවේ ගොවීන් හමුවී වැදගත් කරුණු රැසකට පදනම දැමුවේය. කොළඹ දී තරුණ නීති ප්‍රජාව හමුවූ ඔහු අමුතු කතා කීවේය.

    “පළමු මානව හිමිකම් රැකීම ජනතාව ජීවත් කරවීමයි. දෙවැන්න තරුණ පරපුරට අනාගතය හැදීමයි” ඔහු කීවේය. 

     “මගේ මුල් මාස 14 ට නව නීති 42 ක් ගෙනාවා. තව 62 ක් ගේනවා” ඔහු කීය.

            රෝයල් එක කරේ තියාගත් රනිල් රටේ ප්‍රබලම බෞද්ධ පාසල් “ටච්” කරන්නට ගත්තේ ගාල්ල මහින්දයට වසර 132 ක් පිරුණ දා සුබ පතමිනි. මෙරට ජාතික ගීය ඉපදුන, නිදහස් සටනට උරදුන් හා නන්දදාස කෝදාගොඩ සිරි ගුණසිංහ විනී විතාරණ එඩ්වින් ආරියදාස ඒ ටී ආරියරත්න ඇතුළු සදාතනික ආචාර්ය මහාචාර්යවරු මහින්දයෙන් බිහිවිය.

     මෙරට පළමු සිංහල මහදිසාපති වූ රනිල්ගෙ සීයා සී. එල්. වික්‍රමසිංහ බද්දේගම ඉපිද මහින්දයේ ප්‍රතිවාදී රිච්මන්ඩ් ආදිසිසුවෙකුවීම ගැන ද රනිල් මතක් කළේ මහින්දයේ සුබ පැතුමට අත්සන් තබමින්ය.

       ආනන්ද – නාලන්ද මහ ක්‍රිකට් තරගය නැරඹීමට රනිල් ගියේ පාසල් දෙකේම ආරාධනයෙනි.

    “රෝයල් තෝමියන් මැච් එකට විතරක් යන ඔබතුමා අපේ මැච් එකට ආපු එක වටිනවා” ආදි ආනන්දීයන් වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත්  හා මහාචාර්ය ආශු කීවේය.

      මහ බැංකුව තමන්ට වැඩිපුර බෙදාගැනීම පුපුරා ගියේය. කැබිනට්, පක්ෂ නායකයන් හා මුදල් කාරක සභාවටත් ඔවුන් කැදවූයේ එහෙයිනි.

     “රටටම පටි තද කරගන්න කියලා ඔයාල තනියම බෙදා ගැනීම නීතියට හා සදාචාරයටත් පටහැනියි”  ප්‍රහාරය දරුණු විය.

      “මහබැංකුව ස්වාධීනයි. පඩි වැඩි කළේ සාමූහික ගිවිසුම මතයි” නිළධාරීන් පළිහ ඇල්ලුවේ එහෙමය.

     “රටේ ප්‍රබලම සිවිල් සේවකයා වන ජනපති ලේකම් සමන් ඒකනායකටත් වඩා ලක්ෂ 2 1 / 2 ක් පඩි ගන්න සර්ව බළධාරී පියන්ලා මහ බැංකුවේ ඉන්නවා” විපක්ෂයෙන් මේ ගැන ප්‍රබලම හඬක් නැගූ කිරිඇල්ල ගේ මතයෙන් මහ බැංකුවම දෙදරුම් කෑවාට සැක නැත.

      “මේ වැඩිකර ගැනීම මම දන්නෙත් නෑ” කපටි නරියා කීවේය. එහෙත් මහ බැංකුව ස්වාධීන නිසා ආණ්ඩුව ඉන්නේ තක්කු මුක්කු වෙලාය.

      එජාප කළමනාකරණ කමිටුවේදී මැතිවරණ ඉලක්ක කර රුවන් ට ආගමික හා පරිසර, රවීට සන්ධාන තැනීම, වජිර රාජ්‍ය හා විශ්‍රාම සේවකයන් බැලන්ස් කිරීම අකිල සමාජ මාධ්‍ය සාගල මාර්ගගත ක්‍රම, හරීන් මැයි දිනය හා ප්‍රචාරණය, නවීන් ට වැවිලි ක්ෂ්‍රේත්‍රය ද බාර දුන්නේය. 10 දා කුලියාපිටිය “සැබෑව” රැළියෙන් රනිල් වැඩ අල්ලයි.

       “අදක්ෂයින්ට, අත්දැකීම් නැති අයට රටවල් දීලා ආයෙ පෝළිම් වල මැරී වැටෙනවද” ඒ රැළියේ තේමාවය.

        ඊට අමතරව අනුරපුරේදී තරුණ සමුළුවක් හා නුවර දී ආගමාක හා ව්‍යාපාරික හමුවක් ගැන ද කතාබහ විය.

                  රනිල් බදාදා පාර්ලිමේන්තු ගියේ එතන කතා කිරීමට ඇති ඇම්ම හා විපක්ෂයට කොචොක් නොදැම්මොත් නින්ද නොයන නිසාය.

                  “හර්ෂටයි ගොඩහේවටයි අද වැටෙන්න දුන්නා.හර්ෂ කෙළ හලපු මුදල් ගොඩහේවට ලු” මන්ත්‍රීවරු ජනපතිට කීවෝය.

     “වසර 05 කට ණය නොගෙවීම, ආණ්ඩුව හා විපක්ෂය එකතු වෙලා IMF එකට කතා කිරීම විපක්ෂයත් IMF සමඟ වැඩ කරනවා කියන නිසා ඔබතුමා එයාලට සටන් පාඨත් නැතිව අනාථ කලා” මනූෂ කීවේ සිනා මැදය.

       උ / නැ මන්ත්‍රී ගැටලු ගැන ජනපති සමග කතාබහක් තිබිණ. පළාතේ දේශපාලනය ද හීන් සීරුවේ අවධානයට යොමු කෙරිණ.

     සමන් ඒකනායක හමුවීමට  මන්ත්‍රී කෝවින්දන් කරුණාකරන් ආවේ නිළ කටයුත්තකටය. 

     “මඩකලපුවේ දෙමළ 75% යි. මුස්ලිම් 25% යි.ජනාදිපති එක්ක සජිත් අනුර තරඟෙට ඒවි කියල හිතනවා. උ / නැ වෙන් කිරීම ජවිපෙ මතයවීම හා ඉන්දු ලංකා ගිවිසුමට එයාල විරුද්ධවීම හා රට දෙවරක් විනාශ කිරීම නිසා ජවිපෙට ඡන්ද ලැබෙන්නෙ නෑ. තාත්ත එල් ටී ටී ඊ මැරූ නිසා සජිත් දෙමළ අය එක්ක තරහ බව මිනිස්සු හිතනවා.එනිසා එකම විකල්පය රනිල් මැතිතුමායි” ඔහු කීය.

                පසුදා සුසන්ත පුංචිනිළමෙ ගේ පුතාගේ විවාහයට අත්සන් කළ රනිල් මුදල් අමාත්‍යාංශයට ආවේ IMF සාකච්ඡාවටය.

     මඟුල් ගෙදරට බැසිල් එනවිට රනිල් ගිහින්ය. එහෙත් එදා රෑ ඔහු රනිල් ගේ නිවසට ආවේය. එතන බොහෝ දේ කතාබහවූ අතර තීන්දු රැසකට පදනම වැටී යළි හමුවීමේ එකඟතාවද ඇතිවිය. ජනපතිවරණයද නැද්ද.එකතු වෙනවද නැද්ද එහිදී කතා වූ බව කණින් කොණින් ආරංචිය.

      එකට කෑවත් බොක්ක වෙනස්ය. පසුදා කෝප් සභාපතිකම නෝන්ඩි පොරකට දෙන්නට පොහොට්ටුව ක්‍රියා කළේ රනිල් රටතුළ නෝන්ඩි කිරීමට බවට දැඩි විග්‍රහ පවතී.

          රනිල් නෙළුම් රඟහලට ගියේ වජිර ගේ “එතෙක් පෙරලූ පොත” ටය. කාටූන්කරුවන් රනිල් දුටු හැටි මූර්තිමත් විය. කපටි නරියා කාන්තා දිනයේ ඔවුන් ටච් කළේ ” කාන්තාවන් සුරකින පනත් 02 ක් ගේන බව පවසා සියුමැලි අත්පොඩි මැදය.

      වැඩිපුර මුදල් වැය කරන ඇමෙරිකානුවන් සංචාරකයන් ලෙස ලංකාවට යැවීමට ඇමෙරිකන් මහින්ද හා තානාපති අංශ පදනම දැමුවේ එක්ස්ෆීඩියා සමාගම   හා කටාර් එයාවේස් සමඟ එකතුවය. ඇමති හරේන් දැනුවත් කලපසු ප්‍රවර්දනය සදහා ඩො 10,000 ක් ලබාදුන්නේය. එම මුදලින්  ප්‍රවර්දන 03 ක් සිදු කිරීමට තානාපති අංශ ආරම්භ කොට තිබේ.

      වොෂින්ටන් යුනියන් ස්ටේෂන් හි පැවැති ශ්‍රී ලංකා ආහාර පාන හා සංස්කෘතික උළෙලට 1000 කට වඩා මෙම 07 දා එක්වීණ. එහි ඉහළම ජනප්‍රසාදයක් ලංකාවට හිමිවිය.මැයි 04 පාස්පෝට් DC ව්‍යාපෘතියට 5000 කට වඩා ඇමෙරිනානුවන් ගෙන්වීමට සූදානම්ය. ජුනි 11 දා ඇමෙරිකානු ප්‍රධාන සංචාරක ඒජන්තලා හා ක්ෂ්‍රේත්‍රයේ 50 කට අධික පිරිසක් කැදවේ. සෑම අවස්ථාවකදීම ලංකාවේ ආහාරපාන, සංස්කෘතික සංදර්ශනය හා රටේ සුන්දරත්වය පෙන්වන වැඩසටහන් පැවැත්වේ. ඇමති හරේන් සැපයූ මුදලින් හා ඇමෙරිකන් මහින්දගේ අධීක්ෂණය තුළ ඒවා සිදුවේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan