(VIDEO)ජනාධිපතිගේ IMF සාකච්ජාවට යනවද නැද්ද? සජබෙ ආන්දෝලනාත්මක ස්ථාවරය මෙන්න!

Date:

කොළඹ LNW: ජනාධිපතිවරයා විසින් IMF මල් වට්ටියට අත්ගස්වා ජනතාව පීඩාවට පත්වන තීරණ ගන්නේ නම් ඊට කිසිසේත්ම එකඟ විය නොහැකි අතර IMF නිලධාරීන් සමඟ කෙරෙන සාකච්ජාවට ජනාධිපතිවරයා විසින් කර තිබෙන ආරාධනයද සද්භාවයෙන් සිදුකරන ලද්දක්ද යන්න සැකයක් තිබෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.

ඒ අනුව එම සාකච්ජාවට සහභාගී නොවීමට සමඟි ජන බලවේගය ලෙස තීරණය කළ බවයි අත්තනායක මහතා සඳහන් කළේ.

පසුගිය වාරයේදී මෙන් IMF නියෝජිතයින්ට විපක්ෂ නායකයාව වෙනම මුණගැසීමේ හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගන්න වැරදි තීරණවලට හවුකාරී වීමට කිසිසේත්ම සූදානමක් නැති බවද හෙතෙම අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...