සමගි ජන බලවේගයෙන් කොළඹ මව්වරුන් 2500 කට රු. ලක්ෂ 150ක සහල් පරිත්‍යාගයක් (VIDEO)

Date:

ජාත්‍යන්තර කාන්තා දිනය මෙවර සැමරීම වඩාත් අර්ථවත්ව ක්‍රියාත්මක කිරීමට සමගි ජන බලවේගය කටයුතු කළ බවත් උදේ වරුවේ කාසල් රෝහලට ලක්ෂ 46ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දුන් අතර සවස් වරුවේ කොළඹ නගර සබා බලප්‍රදේශයේ මව්වරු 2500කට රු. ලක්ෂ 150ක් ආයෝජනයෙන් සහල් සලාක දුන් බවත් මේ තුළින් පවතින තත්ත්වයට වඩා මව්වරුන්ගේ සෞඛ්‍ය, ළදරු සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවධානය යොමු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

2024 අප රටේ හැරවුම් ලක්ෂයක් ක්‍රියාත්මක වන බවත් ඒ තුළ සෑම අම්මා කෙනෙක් සහ දරුවකු ආවරණය වන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බවත් මව්වරු, ළදරුවන්,දරුවන්, තරුණයන් ඒකාබද්ධ කරන ලද ජාතික පෝෂණ වැඩසටහන ප්‍රථම වතාවට අස්සක් මුල්ලක් නැරම ක්‍රියත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රයට මුල් තැන ලබා දී මේ රටේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක සෞඛ්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් අදාල මෙවලම් හා උපකරණ නොමිලේ ලබා දෙන වැඩසටහන සමගි ජන බලවේග රජයක සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරු 2500කට සහල් කිලෝ 20 බැගින් වූ පෝෂණ සලාකයක් ලබා දිමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි.

නැතිබැරි කම නිසා මෙම සනීපාරක්ෂක මෙවලම් භාවිත කරන දශලක්ෂ ගණන් කාන්තාවන් සිටින නිසා ස්කොට්ලන්තය හා නවසීලන්තය මෙන් ජාතික ප්‍රමුඛතා වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අඩු බර දරුවන්,අඩු උපත් බර, ක්ෂය වීම කුරුවීම නීරක්තිය රක්තහීනතාව ආදී මන්⁣දපෝෂක දර්ශක ගැන අවබෝධයක් ඇති බවත් එ තුළ විශේෂඥවරුන්ගෙන් හා බිම්මට්ටමේ කරුණු සැලකිල්ලට ගෙන ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සහ ජාතික කාන්තා,ළමා ළදරු හා යෞවන පෝෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් යහපත්,ශක්ති සම්පන්න මව්පරපුරක් අප රටේ බිහි කර එ තුළින් රටේ දරුවන්ට ආරක්ෂාව රැකවරණය පෝෂණය ලබා දී අපේ රට ශක්ති සම්පන්න කිරීමට සැවොම එකතු වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...