සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 09, කොළඹ (LNW):
ශ්‍රී ලංකා කණ්ඩායමට හිස් තැන් ඇති නොවන ආකාරයේ පිළියම් ද ඇති බව පසක් කරමින් බංගලාදේශයට එරෙහින සිය පළමු විස්සයි විස්ස තරගයට සහභාගි වූ නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ලකුණු 20 ට කඩුලු 5 ක් ලබා ගෙන බංගලාදේශයට පරාජය අත් කර දෙන්නට මුල් තැන ගත්තේ තෙවන විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 28 ක් ජයක් හිමි කර දෙමින්.ඒ ජයත් සමඟම බංගලාදේශයට එරෙහි තරගයේ සමස්ත ප්‍රතිපලය 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවට ජය ලැබුණු තරගාවලියක් වූ අතර දැඩි විවේචනවලට ලක් වූණු කුසල් මෙණ්ඩිස් තරග තුනේදී අර්ධ ශතක දෙකක් සමඟ ලැබූ ලකුණු 181 න්, ශ්‍රී ලංකා කණ්ඩායමට දුන් දායකත්වය නිසා තරගයේ වීරයා බවට පත් වුණා.

ඒ සමඟම එංගලන්තය,ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය පරදා නවසීලන්තය සමග සමඟ විස්සයි විස්ස සම කරගත් බංගලදේශයට ශ්‍රී ලංකාව පරාජය කළ නොහැකි බව නිල වශයෙන් තහවුරු වුණා.
සිල්හේට් ක්‍රීඩාංගණයේ දී අඩු දුර හතරේ සිමා මෙන්ම පන්දු යවන්නන්ගේ බුද්ධියට විවර වුණු ඉඩක් ද සැකසී තිබුණා.ඒ අනුව පන්දු යැවීමේ කාරණය ඉතා සුරක්ෂිත අවබෝධයකින් කර යුතුව තිබුණා.අත්දකීමෙන් ලද අවබෝධය හ්‍රී ලංකා පිතිකරුවන්ට තර්ජණාත්මක ලෙස යොමු කරන්නට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර එහිදී නොසැලී අගනා ලකුණු 86 ක් රැස් කරන්නට කුසල් මෙණඩිස් සමත් වුණා.එම ඉණිම හයේ පහර හයකින් සහ හතරේ පහර හතරකින් පොහොසත්ව තිබුණා.ඔහු හැරෙන්නට එකඳු පිතිකරුවෙක් හෝ ලකුණු 20 සීමාවට ළඟා නොවුණු ශ්‍රී ලංකා ඉණිමේ කුසල්ට පසුව වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා වූයේ ලකුණු 19 ක් රැස් කළ දසුන් ශානකයි.ඉණිමේ හොඳම සබඳතාවය පවත්වන්නට කුසල් සහය වූ නායක වනිඳු හසරංග ලබා ගත්තේ ලකුණු 15 ක් වුණත් දෙදෙනාගෙ සබඳතානය තෙවන කඩුල්ලට ලකුණු 59 ක් ලෙස වාර්තා වුණා.

ඊට දායක වූ වනිඳු හසරංග පන්දු යැවීමෙන් සහ නායකත්වයෙන්ද විශාල දායකත්වයක් ජයග්‍රහණයට ලබා දුන් අතර ඔහු ඉදිරියේ වාර්තා වුණේ ලකුණු 15 ක් පමණයි.
පිළිතුරු ඉණිමට පිවිසි බංගලාදේශයට පළමු කඩුල්ල අහිමි වුණේ ලකුණු 18 ක් ලකුණු පූවරුවේ සඳහන් වූ මොහොතේදී යි.අන්ජලෝ මැතිව්ස්ට ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා එම හිඟය පියවිමට උවස්ථාව උදා කර ගත් ධනංජය ද සිල්වා සිය මුල් පන්දු පහ නිමා කළේ ආරම්භක කඩුලලේ සබඳතාවය බිඳ දමමින්.ඉනික්බිතිව පන්දු යැවීම සඳහා පළමු වරට මේ සංචාරයේදී අවස්ථාව ලද නුවන් තුෂාර සිය පළමු පන්දු ඕවරය නිමා කළේ ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස තරගයක කඩුලු ත්‍රිත්වයක් ලැබූ පස්වන පන්දු යවන්නා බවට පත්වෙමින්.යළි දෙවන ඕවරය යැවීමට නුවන් තුෂාරව කැද වූ අතර ඔහු එම පන්දු ඕවරයේද කඩුල්ලක් දවා ගනිමින් බංගලාදේශ ඉණිම කඩුලු 5 ට ලකුණු 32 ක් බවට පත් කළා.තරගය නිමාවන විට මුණ ලකුණු පූවරුව සියල්ල දැවී ලකුණු 146 ක් බවට පත් වූ බංගලාදේශ ඉණිමේ වැඩි ගෞරවය දිනා ගන්නට රිෂාඩ් හොසෙයින් සමත් වුණා.ඔහු පන්දු 30 න් ලකුණු 53 ක් රැස් කළේ හයේ පහර 7 ක් සමඟයි.

මේ ජයග්‍රහණය වැදගත් වූයේ ශ්‍රී ලංකාව පතුලටම වැටී තිබියදී නැඟී,එක දිගටම ලබා ගත් තෙවන විස්සයි විස්ස තරගාවලි ජය වන නිසයි.මේ වැටීම නිසාම ශ්‍රී ලංකා ක්‍රිකට් දිහා බොහෝ අය අපුලෙන් බලන්නට පෙළඹී සිටියා.ඒ නිසාම බංගලාදේශ තරගාවලිය පවත්වන විට බංගලාදේශ ක්‍රිකට් ජය ලබන බවට අදහස් පළ කරන්නට බොහෝ අය සිටියා.එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සංයුතිය ඇතුළත වෙනස් වීම වෙනුවට ඊට දේශපාලනිකව බලපෑම් කරන ව්‍යහුය සහ ඊට අයත් වූ ශ්‍රී ලාංකේය ක්‍රිකට් හී සර්ව බලධාරීත්වය සේ වැඩ කරන්නට තමන්ට අයිතියක් තිබිය යුතු බව සිතන උද්ධච්ඡකම් සියල්ලම හතුළා දමන්නට මෑත තිලීනය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා සමත්ව තිබෙනවා.

දැඩි විවේචනය මුහුණ දිය හැකි මට්ටමට සහ ක්‍රිකට් භාවිතය සම්බන්ධයෙන් වර්ධනය වූ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බවට සිම්බාබ්වේ,ඇෆ්ගනිස්තාන සහ බංගලාදේශ සංචාරවලදී ස්වීය හැසිරීම් රටාවන්හී කියවීම් තුළින් සනාත කර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ඇෆ්ගනිස්තාන සහ බංගලාදේශ සංචාරවලදී පන්දු රැකීමෙන් ගබා තිබෙන ප්‍රගතිය ඉහළින් දකින්නට ලැබුණා.එහි ගෞරවය උපුල් චන්දනට මූලික වශයෙන් යොමු විය යුතුව ඇති අතර ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ද අතිශයින් නිහතමානීව සමහර විට හතරේ සීමාව අසළ පන්දු රකින ක්‍රීඩකයින් සමඟ ඔවුන් දිරිමත් කරමින් සහ ඊළඟ තත්පරය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පෙන්වා දෙමින් කටයුතු කරන ආකාරය ඇගයිය යුුතුයි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායම මේ මොහොත වන විට ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රිකට් හී මහත්මා ගුණාංග අමතක කර කටයුතු කරන බංගලාදේශයේ අවර ගණයේ ක්‍රියා එක සිඳුවීමකින් අහවර කර දමනවානම් වැදගත් වෙනවා.මන්ද ඊට දීර්ඝ වශයෙන් ප්‍රතිචාර දක්වන්නට යද්දී ඔවුන්ගේ පහත් ක්‍රියාවන් අප පිළිකුළෙන් බැහැර කරනු වෙනුවට හදවතේ තබාගෙන විඳවන බව පැහැදිළි වෙනවා.ඔවුන්ගේ ස්වභාවයට සාමාන්‍ය දෙයක් වන ඒ තත්ත්වය අප භාරගත යුතු නැති අතර ටොව්ඩ් හ්‍රිඩ්‍රෝයිගේ හැසිරීම සාමාන්‍ය දෙයක් වුව ද,ශ්‍රී ලංකා ක්‍රීඩකන් එවැනි කුණු රොඩු අවුස්සා තමන්ගේ ගුණාංග සිඳ නොගන්නවානම් වැදගත් කොට සිතිය හැකියි.එසේම ශ්‍රී ලංකාව ජය සංඛේත සමඟ ඡායාරූපයට පෙනී සිටියදී සකීබ් අල් හසන්ගේ අවර ගණයේ ක්‍රියාව මතකයට නැඟෙන ආකාරයට ප්‍රදර්ශනය කිරීමද නොකළ යුතුව තිබුණු බව අපේ හැඟීමය.

තරගාවලියේ වීරයා වූ මෙණ්ඩිස් සහභාගි වූ මාධය හමුවේදී ද මේ හරහා ජයග්‍රහණයට යම් කැළලක් ඇතිවන අදහසක් ගන්නට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබුණ අතර නවීඩ් නවාස් එම තත්ත්වය සමනය කරමින් ක්‍රිඩා පිටිය තුළ ආවේගශීලී සහ හැඟීම්බර වෙන ක්‍රිඩකයින් ඉනික්බිතිව මිත්‍රත්වයෙන් කටයුතු කරන බව කීවේය.එම වීඩියෝවට පහතින් ඇති බංගලාදේශ ක්‍රිකට්වලට අයත් මුහුණු පොතෙන් පිවිසෙන්ට ඉඩ ඇත.
https://web.facebook.com/bcbtigercricket/videos/755341116700937
ඉතාම තියුණු මුහුණුවරකින් තරගයේ අදාළ මොහොත නිවැරදිව කළමණාකරණයට සුදුසු වෘත්තීයමය භාවය වැඩිපුර ප්‍රදර්ශනය කළ කණ්ඩායම හැටියට තරගාවලි තුනකදී විශිෂ්ඨ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට එළැඹෙන එක්දින තරගාවලිය ද ජයගන්නට සුබ පැතුම් එක් කරන අතර නිමා වූ තෙවන විස්සයි විස්ස තරගයේ ලකුණු පූවර්වට පිවිසෙන්නට පහත සබැඳියෙන් හැකියාව ලැබෙනවා.
https://www.espncricinfo.com/series/bangladesh-vs-sri-lanka-2023-24-1419819/bangladesh-vs-sri-lanka-3rd-t20i-1419826/full-scorecard
