යුක්‍රේනයට රුසියාවෙන් අඛණ්ඩ ප්‍රහාර!

Date:

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රුසියාව විසින් යුක්‍රේනය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 25 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුසියාව හා යුක්‍රේනය අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත්වීමෙන් කටයුතු කරන පසුබිමක මෙසේ රුසියාව යුක්‍රේනය ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරයන් ඉහළ දමා ඇත.

ඊයේ (08) දිනයේදී යුක්‍රේනයේ ප්‍රදේශ රැසක් වෙත රුසියාව ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර, ඩොනෙට්ස්ක් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි යුක්‍රේන බලධාරීන් සඳහන් කරයි.

එමෙන්ම කාකයිව් හා ඔඩේසා යන ප්‍රාන්තයන්ට එල්ල වූ ප්‍රහාරයන්ගෙන් නිවාස හා යටිතල පහසුකම් රැසක් විනාශ වී ඇති බවද සඳහන් වන අතර, ඇමෙරිකාව හා යුක්‍රේනය අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් පසුගිය සතියේ සිට ඇමෙරිකාව යුක්‍රේනයට ලබා දෙන යුද ආධාර හා බුද්ධි තොරතුරු අත්හිටවනු ලැබූ බවද විදෙස් මාධ්‍ය වර්තා කර තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...