සිරියාවේ ගැටුම් හේතුවෙන් දින දෙකක් තුළ මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බලයෙන් පහ කරන ලද ජනාධිපති බෂාර් අල්-අසාද්ට පක්ෂපාතී සටන්කරුවන් හා සිරියාවේ අන්තර්කාලින ජනාධිපති අහමඩ් අල්-ෂාරා ට සම්බන්ධ හමුදා අතර ඇතිවූ ගැටුම් හේතුවෙන් දින දෙකක් තුළ 1000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් රාජධානිය පදනම් කරගත් මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය සඳහන් කර තිබේ.

ඒ අනුව, සිවිල් වැසියන් 745 දෙනෙකු ඇතුළුව 1,000 කට වැඩි පිරිසක් මෙලෙස මියගොස් ඇති අතර මෙය 2011 වසරෙන් පසු සිරියාවේ වාර්තා වූ ඉහළම මරණ සංඛ්‍යාවයි.

බලහත්කාරයෙන් නෙරපා හරින ලද අසාද් පාලනයට පක්ෂපාතී සටන්කරුවන් වෙරළබඩ ලටාකියා පළාතේ ජබ්ලේහි ආරක්ෂක හමුදා වෙත සැඟවී සිට පහර දීමෙන් පසු පසුගිය බ්‍රහස්පතින්දා (06) සටන් ආරම්භ විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති ධුරය දරණ සමයේ ලන්ඩනයේ සිදුකරන...

රනිල් ඇප මත නිදහස්!

කොළඹ LNW: පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර...

රනිල්ට ඇප ගන්න නීතිඥ කණ්ඩායම දැඩි උත්සාහයක. නීතිපති දෙපාර්තමේන්තුවෙන් අඛණ්ඩ විරෝධය!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඇප ලබාගැනීමට...