දේශබන්දු අපට ලොකු නෑ. දේපළ ටික තියාගන්න ඕනෙ නම් හැංගිලා ඉන්න තැනින් වහාම එළියට එන්න – ඇමති වටගල

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවදුරටත් අධිකරණ මඟහරින්නේ නම් ඔහුගේ නිශ්චල, චංචල දේපළ රජයට පවරා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.

“දේශබන්දු තෙන්නකෝන් මහත්තයා දැන් හැංගිලා ඉන්නෙ. දැන් මොකක්ද ? අපේ ආණ්ඩුවට එයා හිටපු පොලිස්පතියි කියලා එයා වරදක් කළා නම් එයා ලොක්කෙක්ද ? නෑ. අපිට එහෙම ලොක්කෙක් නෑ. දැන් හොයන්න දාලා තියෙනවා. 2025.01.21 වත්මන් වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කරලා තියෙන්නෙ, ඒකෙ මොකක්ද කියන්නෙ ? කෙනෙක් අපරාධයක් කරලා අධිකරණය මගහැර ඉන්නවා නම් වරෙන්තුවක් පිට ඉන්නවා නම් එයාගෙ දේපළ තහනමකට යන්න පුළුවන් කියලා. කල්දීලා තිබුණා එන්න කියලා, එන්නෙ නැත්නම් අපි අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 වෙනි වගන්තිය, 61 වෙනි වගන්තිය, 62 වෙනි වගන්තිය ක්‍රියාත්මක කරන්න වෙනවා. අපට මේ නීතිය දේශබන්දු තෙන්නකෝන්ගෙන්ම ආරම්භ කරන්න පුළුවන්. තමන්ගෙ චංචල සහ නිශ්චල දේපළ ටික තියාගන්න ඕනෙ නම් හැංගිලා ඉන්න තැනින් විගහට එන්න”

සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (මාර්තු 09) මෝදර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...