සංචාරක වීසා මත ලංකාවට ඇවිත් රැකියා කළ ඉන්දීය ජාතිකයින් පිරිසක් පිටුවහල් කරයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයින් 15 දෙනෙකු පිටුවහල් කර තිබේ.

මොවුන් අතරින් දෙදෙනෙකු යාපනය ප්‍රදේශයේදී පසුගිය 05 වනදා සහ 07 වනදා රෝග සුවකිරීමේ ආගමික මෙහෙයක් පැවැත්වීමට සූදානමින් සිට ඇති අතර ඔවුන්ට එරෙහිව එම ප්‍රදේශයේ හින්දු සංවිධාන විසින් විරෝධතාවක් ද සංවිධානය කර තිබී ඇත. එහිදී අත් අඩංගුවට ගත් එම පූජකවරුන් දෙදෙනා ඊයේ (මාර්තු 08) අලුයම ඉන්දියාවේ චෙන්නායි බලා පිටුවහල් කර ඇත.

එසේම යාපනය ප්‍රදේශයේ ලී මඩුවක කැටයම් ශිල්පීන් වශයෙන් සේවය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් 08 දෙනෙකුත් එම ප්‍රදේශයේ අවන්හල්වල සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් 05 දෙනෙකු ද අත් අඩංගුවට ගෙන ඊයේ දිනයේදී චෙන්නායි නුවරට පිටුවහල් කර ඇති බව සඳහන්.

ඔවුන් පලාලි ගුවන් තොටුපලෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පිටුවහල් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...