බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ මුස්ලිම් විරෝධී පක්ෂග්‍රාහීත්වය පිළිබඳ වාර්තාවක්!

රෂිකා හෙන්නායක මාර්තු 09,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රිතාන්‍ය මාධ්‍ය ආයතන 30 කින් ලබාගත් ලිපි 40,000 ක් පමණ ඇසුරෙන් කළ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි එරට මාධ්‍ය තුළ පද්ධතිමය පක්ෂග්‍රාහීත්වයක් පවතින බවයි.

මෙම පර්යේෂණයට අනුව, ප්‍රමුඛ පෙළේ පුවත්පත් සහ රූපවාහිනී නාලිකා රැසක් ඉස්ලාම් භක්තිකයන්ව ඍණාත්මක ලෙස හෝ වැරදි අර්ථකථනයන් සහිතව සමාජගත කිරීමට කටයුතු කරන බවද වාර්තා වී ඇත.

විශේෂයෙන්ම දක්ෂිණාංශික මාධ්‍ය ආයතන හරහා මෙවැනි විකෘති තොරතුරු වැඩි වශයෙන් ප්‍රචාරය වන අතර, එය බ්‍රිතාන්‍යය තුළ මුස්ලිම් විරෝධී අපරාධ සහ වෙනස්කොට සැලකීම් ඉහළ යාමට සෘජුවම බලපාන බව පෙන්වා දී ඇත.

මෙවැනි වාතාවරණයක් තුළ සත්‍ය කරුණු මත පදනම් නොවූ ප්‍රකාශ පවා විවාදයකින් තොරව ප්‍රචලිත කිරීම හරහා බ්‍රිතාන්‍ය මුස්ලිම්වරුන්ගේ එදිනෙදා ආරක්ෂාවට සහ සාමූහික පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල වී තිබේ.

මෙම අධ්‍යයනය අවධාරණය කරන්නේ මාධ්‍ය සතු වගකීම වන්නේ අසත්‍ය මත පතුරුවනවා වෙනුවට නිවැරදි තොරතුරු මඟින් සමාජය දැනුවත් කිරීම බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගජමන් නෝනා අන්දරේ බලන්ට යයි

නෝනාගම හංදියේ හිටගෙන ඉන්නා නෝනාට මහ රෑ මැදියම වේරගම්පිටින්...

ඔය කට්ටියට බැරි නම් අපිම කරගන්නම් – ජනපතිගෙන් IOC, සයිනොපෙක්, ෂෙල් සමාගම්වලට රතු එළි

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් යන මෙරට ක්‍රියාත්මක පෞද්ගලික...

නේපාලය නැවතත් ගංවතුර තත්වයකට මුහුණ දේ(video)

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: නේපාලය නැවතත්...

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට පෘතුගාලයෙන් තරඟ තහනමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: පෘතුගාල පාපන්දු...