මෙණ්ඩිස්ගේ පරිස්සම ඈලියාවට යයි

Date:

නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ක්‍රයිස්චර්ච් හී පැවත්වෙන පළමු ටෙස්ට් තරගය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉතා විශිෂ්ඨ ඉණිමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ කුසල් මෙණ්ඩිස් ලකුණු 87 ට ශතකය ආසන්යේ දී දැවී ගියේය.ඉතාමත් සැහැල්ලුවෙන් නවසීලන්ත පන්දු යවන්නන් වෙත පීඩනය ළඟ කළ මෙණ්ඩිස් සිය අර්ථ ශතකය පන්දු 40 න් ලබා ගත්තේය.දිමුත් කරුණා රත්න සමඟ ඉණිම ඇරඹූ ඔෂධ ප්‍රනාන්දු ලකුණු 3 ට දැවී ගියේ ලකුණු පූවරුව 14 තිබියදී හත්වන ඕවරයේ පස්වන පන්දුවේදී ය.ඉන් අනතුරුව පිටියට පිවිසි කුසල් කඩුල්ලක් දැවුණු පීඩනය ශ්‍රී ලංකාව වෙත දැනෙන්නට නොදී ඉතාමත් සැහැල්ලුවෙන් පිත්ත හැසිර වූ අතර තරගයේ 22 වන ඕවරයේ සිව්වන පන්දුවේදී ඔහු මුහුණ දුන් 40 වන පන්දුවට අර්ධ ශතකය සම්පූර්ණ කළේ බිලෙයාර් තික්නර් ට හතරේ පහරක් එල්ල කරමින්ය.

නමුත් ඔහු ඉනික්බිතිව ශතකය වෙත යාම මදක් සෙමින් කළ යුතුය යන නිගමණය ඇතිව සිය රිද්මයෙන් බැහරව තැන්පත් වන්නට උථ්සාහ කරන බවක් පෙණින.ඒ අනුව ඔහු මුහුණ දුන් 83 වන පන්දුවේදී දැවී යන විට ලකුණු 47 ක් ලබා සිටියේය.අර්ධ ශතකයෙන් පසුව ඉතා ඉක්මණින් ලකුණු හැත්තෑ ගණන්වලට පිවිසුන ද,ඉනික්බිතිව ඔහුගේ රිද්මය මන්දගාමි වන්නට වූ අතර බොහෝ විට එම මන්දගාමී බව නවසීලන්ත පිතිකරුවන්ගේ මානසික මට්ටම යහපත් කිරීමට බලපෑවේය.හතරේ පහර 16 න් පිරී තිබිණ.

කුසල් නායක දිමුත් කරුණාරත්න සමඟ දෙවන කඩුල්ල වෙනුවෙන් අනගි ලකුණු 137 ක සබඳතාවයක් පැවත් වූ අතර ලකුණු 151 දී මෙණ්ඩිස් දැවී ගොස් පන්දු පන්දු පහක් ගෙවෙන තැන ලකුණු පූවරුව එසේම තිබියදී දිමුත් ද දැවී ගියේ ය.ඒ හරියටම ලකුණු 50 ක් එක් කර තිබියදී ය.මෙණ්ඩිස් ටිම් සවුති උපක්‍රමශීලීව කඩුල්ල ආවරණය කිරීමට පොළඹවා ගත් අතර දිමුත් ටොම් ලේතම් අතට උඩ පන්දුවක් දි දැවී ගියේය.

අද උදෑසන කාසියේ වාසිය දිනූ නවසීලන්තය පන්දු යැවීමට තීරණය කළ අතර ඒ අනුව තේ පානය වන විට ශ්‍රී ලංකාව තමන් වෙත යොමු කළ පන්දුවට පහර දීමේ අභියෝගය ඉදිරියේ කඩුලු 3 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියි.පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටියි.නවසීලන්ත ඉණිමේ මේ දක්වා සාර්ථකම පන්දු යවන්නා ටිම් සවුති ය.ඔහු ලකුණු 38 ට කඩුලු 2 ක් ලබා ගෙන ඇත.

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...

දේවපතිරාජයට ආදර්ශයක පෙරගමන්කරු වීමේ ජයක්

සටහන - නිශ්මං රණසිංහ  අගෝස්තු 19, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ...