වරායේ පඩිය 171,000 යි. කෑම ඇතුළු වරප්‍රසාද ගොඩයි. ඒත් බදු ගෙවන්න බෑ කියනවා – නිමල්

Date:

වරාය සේවකයකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 171,000 ඉක්මවන අතර ඔවුන් තුන්වේල ආහාර ඇතුළු තවත් වරප්‍රසාද ගණනාවක්ම හිමිවන බවත් එසේ තිබියදීත් ඔවුන් වැටුපෙන් අය කෙරෙන බද්දට එරෙහිව උද්ඝෝෂණය කරන බවත් වරාය හා නාවික කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

“සේවක උද්ඝෝෂණය පිළිබඳ මම වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡා කළා. ඔවුන් කියන්නේ ඔවුන්ගේ පඩියෙන් බදු කැපීම නවත්වන්න කියලා. නමුත් රජය IMF එක එක්ක ගන්නා ලද ඒ තීරණය අපට වෙනස් කරන්න බෑ කියලා මම ඒ අයට පැහැදිලිවම කියලා දුන්නා. නමුත් ඔබතුමාලා කල්පනා කරන්න වරාය සේවකයකුගේ පඩිය රුපියල් 171,000 ඉක්මවනවා. ඒ කියන්නෙ සාමාන්‍ය රජයේ සේවකයෙක් වගේ නෙවෙයි. ඔවුන් ඉතාම ඉහළ තලයක පඩි ගන්නවා, වරප්‍රසාද ගන්නවා, තුන්වේලම කෑම දෙනවා, ඒ වගේම ලොකූ බෝනස් එකක් හම්බුවෙනවා, විවිධ සහන රාශියක් ලබාදෙනවා.

ඒ විතරක් නෙවෙයි මම කියන්නට කැමතියි වරාය පර්යන්ත දෙකක් අපි දැනට පෞද්ගලික අංශයට දීලා එයින් අපට යම් ආදායමක් ලැබෙනවා. අද වරාය බිලියන 15ක් අපි ලාභ ලබලා තියෙනවා. ඒකත් කියන්න ඕනෙ. ඒ වගේම පහුගිය සැරේ උද්ඝෝෂණය වෙලාවෙදි එහි ප්‍රතිඵලයක් වශයෙන් වරායට ආපු නැව් 17ක් හැරිලා ගියා. ඒ නැව් ආපහු ගේන්න මම විශාල උත්සාහයක් දැරුවා නැව් සමාගම් එක්ක කතා කරලා. සමහර ඒවා ආවා, නමුත් සමහර ඒවා බංග්ලාදේශයට ගියා ප්‍රති නැව්ගතකිරීම් වලට. අපට විශාල බිස්නස් ප්‍රමාණයක් නැතිවුණා. උද්ඝෝෂණයේ ප්‍රතිඵලය වෙන්නේ බංග්ලාදේශ, ඩුබායි, සිංගප්පූරු වරායවල් පෝෂණය කරලා අපේ වරාය කඩාවැටෙන එකයි”

නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...