විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයන විට ගෙවීම බද්ද අයකිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය ලබන 16 වනදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (09) නියෝග කළේය.
ඒ, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් ගොනුකර ඇති පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී ය.
අභියාචනාධිකරණ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඬුල්ල විසින් එම නියෝගය නිකුත් කරන ලදී.
RN