*
Monday, May 12, 2025
spot_img

Latest Posts

සජබ e කොළම.

අශෝක ජයතුංග

මාර්තු 10, වොෂින්ටන් LNW :

❤️බස්දාලා කාන්තාවො ගෙනැත් කයිවාරු ගහලා යවන්න මටත් තිබුණා. ඒත් කාන්තා දිනේදි කාන්තාවන්ට හා දරුවන්ට රු දසලක්ෂ ගණනක පහසුකම් දීමයි අපි කළේ – වි: නායක සජිත්.

❤️මම හැම තිස්සෙම බෙදනවාලු. තම මඩියම තරකරගන්නා අවස්ථාවාදීන්ට මම බෙදන එක හරි ප්‍රශ්නයක් බව රටම දැන් දන්නවා –  සජිත්.

❤️කිසිදු වැඩ වර්ජනයකට සම්බන්ධ නොවී සේවකයන් නොමඟ නො යවමින් රටේ ආර්ථිකය ගොඩ නැගීමට සහාය දුන් එකම විපක්ෂ නායකයා සජිත් – සජබ කියයි.

❤️ඉංග්‍රිසි භාෂාව මූලික කරගත් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයක් මම රටේ දරුවන්ට දෙනකොට ඒකට පරිභව කරන අය තම දරුවන්ට පිටරට දී ඒ අධ්‍යාපනයම ලබා දෙනවා – සජිත්.

 ❤️මට මව් පදවිය ලබාදුන් මගේ දුවට වගේම මේ රටේ හැම දරුවන්ටම මම  හදවතින්ම ආදරෙයි – ජලනි  කියයි.

❤️සජිත් ජලනි ගේ දුව වෙනුවෙන් ප්‍රවීණ නිර්මාණකරුවෙකු වන කැළුම් පාලිත මහීරත්න ගීයක් නිර්මාණය කරයි.

❤️ලෝක කාන්තා දිනය සමරා සජිත් – ජලනි – දියත්නා පුංචි දියණියගෙන්  කාසල් කාන්තා රෝහලට ලක්ෂ 46 කට අධික ළදරු  ඉන්කියුබේටර් යන්ත්‍රයක් හා  ඉන්පැfන්ට් වෝමර්  යන්ක්‍ර 03 ක් “හුස්ම” වැඩ සටහනෙන් ලබා දෙයි.

❤️රාජපක්ෂ රාජධානියට අභියෝක කරමින් සජිත් හා ජලනි දෙබරවැව ජනාධිපති තෙළුල්ල කණිෂ්ට විදුහල් වලට  ස්මාට් පංති ලබා දෙයි. අනතුරුව 118 හා 119 සුහුරු පංති මොණරාගල දිස්: බුත්තල හා වැන්න විදුහල් දෙකකටත් ලබා දෙයි. 

❤️ ව්‍යවස්ථා විරෝධීව හා පක්ෂග්‍රාහීව හැසිරෙන කතානායකට මින්පසු “ගරු හා තුමනි” වැනි නම්බු වලින් තොරව කතානායක යනුවෙන්  පමණක් ඇමතීමට විපක්ෂය තීන්දු කරයි.

❤️කතානායකට එරෙහි විශ්වාස භංගය සජබ මහලේකම් රංජිත්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කිරිඇල්ල හා ජී එල් ඇතුළු පිරිසක් බාර දෙයි.

❤️අනුර කියන්නෙ රටක් තියා පෙට්ටි කඩයක්වත් පාළනය කරල නැති තවම පරිපූර්ණ අත්දැකීම් නැති නැගී එන නායකයෙක් – කිරිඇල්ල කියයි.

❤️ජවිපෙට තියෙන්නෙ ජන රැළ්ලක් නොව පේfස් බුක් හා සමාජ මාධ්‍ය රැළ්ලක් විතරයි. බලය ගන්න හා බලය රැකගැනීම මිනිස්සු මරල  හරි කරන බව ලාල්කාන්ත ගෙ කටින් පැන්නා –  මහලේකම් රංජිත්.

❤️බැසිල් තමන්ගෙ ඇමෙරිකාවෙ ගේ දොර හා වත්කම් තිබුණට ඉදහිට ලංකාවට ඇවිත් තම හරකබාන බලල යනවා – නලින් බණ්ඩාර. 

❤️ බලය කෙටි පාරවල් වලින් ගන්න ජවිපෙ දෙවරකදී ජීවිත ලක්ෂයක් හා රටේ දේපළ ඩො බිලි 200 ක් වැනසූ බව ගණන් හදා තියෙනවා. අද මුළු රටේම ණය බර ඩො බිලි 52 යි – සුජීව සේනසිංහ.

❤️හොරු නොරකින හොරකම් නොකරන ලෝකය සමඟ යන හැකියාව හා අත්දැකීම් ඇති පිරිසක් අතට රට නොගියොත් අපි ආපහු අමාරුවෙ වැටෙනවා මල්ලී – රන්ජන් රාමනායන කියයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan