කැනඩාවේ නව අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් මාර්ක් කාර්නි තේරී පත් වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කැනඩාවේ අගමැති සහ ලිබරල් පක්ෂ නායකයා ලෙස ජස්ටින් ටෲඩෝගෙන් අනතුරුව අනුප්‍රාප්තිකයා වශයෙන් 85.9%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මාර්ක් කාර්නි තේරී පත්ව ඇති බව වාර්තා වේ.

මාර්ක් ජෝසප් කාර්නි ඕසී 1965 මාර්තු 16වන දින උපත ලද කැනේඩියානු ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලනඥයෙකු වේ. ඔහු 1988 දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය අතර, එහිදී ඔහු 1993 දී ශාස්ත්‍රපති උපාධියක් සහ 1995 දී ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත.

2008 වසරේ සිට 2013 දක්වා කැනඩා මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ 120 වන අධිපතිවරයා වශයෙන්ද සේවය කර ඇත. ඉන් අනතුරුව COVID-19 වසංගතය අතරතුර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ උපදේශකයෙකු ලෙස ද කාර්නි කටයුතු කළ අතර ලිබරල් පක්ෂයේ ආර්ථික වර්ධන කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කරන ලදී.

උතුරු ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ මූල්‍ය අර්බුදවලට ප්‍රතිචාර දැක්වීම අධීක්ෂණය කළ හිටපු මහ බැංකුකරු මාර්ක් කාර්නි ලෙස ජස්ටින් ටෲඩෝ ගේ ඉල්ලා අස් වීමෙන් අනතුරුව ධුරයේ දිවුරුම් දෙනු ඇත.

පසුගිය සතියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සියලුම කැනේඩියානු භාණ්ඩ සඳහා 25% ක බද්දක් ප්‍රකාශයට පත් කළ අතර, කැනඩාව ඇමරිකාවේ 51ක් වන ප්‍රාන්තය බවත් ටෲඩෝ එහි ආණ්ඩුකාරවරයා වශයෙන් ප්‍රකශ කිරීමත් සම්බන්ධයෙන් කර්නි සඳහන් කර තිබුණේ, කැනඩාවේ බිඳෙනසුලු ආර්ථිකය අවපාතයකට තල්ලු කිරීමට තීරුබදුවලට බලය ඇති අතර එම තීරුබදු වෙනුවෙන් තමා පෙනී සිටින බවත්, ඇමරිකාව කැනඩාව නොවන බවත්, කැනඩාව කිසි විටෙකත් කිසිදු ආකාරයකින්, හැඩයකින් හෝ ඇමරිකාවේ කොටසක් නොවනු ඇති බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ නාය යෑමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ඇකිරිය,මීගොල්ල උඩ කොටසේ...

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...