හෂීස් සමඟ කැනඩා තරුණියක් ගුවන්තොටේදී කොටුවෙයි!

0
515

රෂිකා හෙන්නායක මාර්තු 10, කොළඹ (LNW):

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී , හෂීස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම්17 යි ග්‍රෑම් 573 ක් රැගෙන දිවයිනට පැමිණි කැනඩා ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

සිය ගමන්මල්ල තුළ ඇඳ ඇතිරිලි වල ඔතා ඇය එම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට රැගෙනවිත් ඇති අතර, එම තරුණියගේ වයස, අවුරුදු 20 කි. මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම, මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පැවසේ.