අතනොහැර සහය දෙන්න – රෝහින්ග්‍යා සරණාගතයින් UN කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක!

Date:

කොළඹ LNW:මෙරට රැඳී සිටින රෝහින්ග්‍යා සරණාගතයින් විසින් අද (10) තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලය ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

ජීවත් වීමට රටල්, භූමියක් නොමැති ජන කොටසක් ලෙස ඔවුන්ගේ අනාගතය සුරක්ෂා කරගැනීම වෙනුවෙන් සහය වන ලෙසයි එහිදී ඔවුන් ඉල්ලා සිටියේ.

මියන්මරයේදී ඔවුන්ට උරුම මරණයෙන් ගැලවී පලායමින් සිටියදී මරණය පෙනී පෙනී සිටියදී ඔවුන් ශ්‍රී ලංකා නාවිකයින් විසින් බේරාගෙන ගොඩබිමට රැගෙන විත් තිබුණි.

එහිදී ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා සැලසීමට ශ්‍රීලංකා රජය කටයුතු කරන ලදී.

ඒ අනුව මෙම විරෝධය කිසිවෙකුට හෝ එරෙහිව සිදුකරන්නක් නොවන අතර ඔවුන් ඉල්ලා සිටින්නේ ජීවත් වීම සඳහා කල්පවතින විසඳුම් සෙවීමට සහය වන ලෙසයි.

සාගින්න,නිවාස නොමැතිකම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි අනෙකුත් ක්ෂණික අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට සහයක් වන ලෙස එම විරෝධතාවේදී ඔවුහු ඉල්ලා සිටියහ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...