සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 10, (LNW)කොළඹ
නවසීලන්තයේ සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින තරගාවලිය 2-0 ක් ලෙස පරාජයට පත් විය.එම පරාජය ගැන වඳවෙන්න දෙයක් ඇත්තේ පරාජයේ පරිමාවේ විශාලත්වය නිසාය.එම පරාජය නවසීලන්තයේ දක්ෂතාවය නිසා සිඳු වූ එකක් හැටියට හැඳින්වීමට වඩා ශ්‍රී ලංකාව කළ අතපසුවීම් සහ වැරදි තීරණ නිසාත්,පරාජය වුව ද එයින් අත්කර ගත හැකිව තිබූ ජයග්‍රහණ නොතකා හැරීම නිසාත් සිදු වූ දේ නම් විස්සයි විස්ස තරගාවලියේදි එම තත්ත්වය මඟ හරවා ගැනීමට එම කරුණු වැදගත් වනු ඇත.
පළමු කොටම පරාජයට විශේෂයෙන් බලපෑම් ඇති කළ පන්දු රැකීමේදී දැක් වූ අසාමාන්‍ය දුර්වලකම සිතා ගැනීමට අපහසු තරම්ය.ක්‍රීඩාවේ අත්දැකීම් ඇති කණ්ඩායමකට සුළු කාලයකින් යථා තත්ත්වයට එය පත් කර ගැනීම අපහසු නැත.අවශ්‍යය වන්නේ මුල සිට පටන් ගැනීම නොවේය.යථා තත්ත්වයට පත්වීම නිසාය.
ජාතික කණ්ඩායමට ලැබෙන අවස්ථාවේදී කඩුල්ල වීසි කර දමා යන්නේ තරම් මනුදි නානායක්කාරට එහි ඇති වැදගත්කම ගැන අවබෝධයක් තිබුණු බවක් දුටුවේ නැත.පළමු තරගයේදී ඇයගේ දැවී යාම යම් තරමක විවාදසම්පන්න වුව ද දෙවන තරගයේදී ඇයගේ දැවී යාම වගකීම පැහැර හැරීමක්ය.ඇය දක්ෂ බවට විවාදයක් නැත.ඒ නිසා ඇයට තමන්ගේ රටාව අනුව ක්‍රිඩා කරන්නට නිදහසද ඇති බව කණ්ඩායමෙන් ලැබෙන්නට ඇති පණිවිඩයේ රැඳෙන්නට ඇත.ඒ නිදහස අනුව කටයුතු කිරීම යනු කල්පනාවෙන් ක්‍රීඩා නොකිරීම නොවේය.ඒ නිසා අත්‍යවශ්‍ය ක්‍රීඩිකාවක වන මනුදි ඊ ළඟ තරගයේදී කණ්ඩායමෙන් පිටත තැබීමට වගකිව යුත්තේ ඇයමය.
එහෙත් කණ්ඩායමට මනුදිව එම තරගයේ පන්දු ඕවර් කිහිපයක් යැවීමට කැඳවන්නට තිබිණ.එක් තරගයක පන්දු ඕවර් 5 ට ලකුණු 25 ක් ද,තවත් තරගයකදී පන්දු ඕවර් 5 ට ලකුණු 35 ක් ද ලබා දුන් චේතනා විමුක්ති ඉන් පසුව නැවත පන්දු යැවීමට යොදා නොගත්තේ ඇයි ද යන්න තවමත් සැක සහිතය.ඇය පන්නරය ලැබීම සඳහා අභියෝගවලට එරෙහිව මෙහෙයවිම චමරිගේ පමණක් නොව පිටියේ සිටින අනිත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ගේ ද වගකීම විය යුතුය. විස්සයි විස්ස තරගවලදීවත් නවසීලන්තයේ වේගවත් තණතීරුවල සුවභාවය සමඟ පෑහෙන චේතනාව මීට වඩා පැහැදිළි චේතනාවක් සහිතව මෙහෙයවීමට,නවසීලන්ත තණතීරුවල දක්ෂතා දක්වා ඇති පන්දු යවන්නෙක් වන රුමේෂ් රත්නායකට විශාල වැඩ කොටසක් පවරා ගන්නට වන්නේය.
වැදගත්ම දේ පන්දු ඕවර් 50 ක තරගයකදී ඉණිමක් ගොඩ නැඟීමේ කලාව ගැන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් කටයුතු කළේ යම් අනවබෝධයක් ඇතුවය.පළමු තරග දෙකේදී එම අවබෝධය ඇතුව ක්‍රීඩා කළ හර්ෂිතා සමරවික්‍රම මෙහිදී ලබා ගත් අර්ධ ශතක දෙකම පිරිච්චි ක්‍රිකට් ඇති අර්ධ ශතක දෙකක් බව කිව යුතුය.එසේම පළමු තරගයේදී විශ්මි ගුණරත්නගේ ඉණිම ද ඉහළ එකකි.ඒ සංයමය සහ සැළසුම යම් තරමකට අවසාන එක්දින තරගයේදී කවීශා දිල්හාරි සහ නිලක්ෂි ද සිල්වා පෙන්නුම් කළත්,මේ තිදෙනාම එක තරගයකදී එම අවබෝධයෙන් දිගු ඉණිම් ගොඩ නැඟුවේනම් නවසීලන්තයට පහසු වන්නේ නැත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වඩාත් දක්ෂ පන්දු ඕවර් 50 තරගවලටය.ඒ වේගවත් දැවන්ත පහරවල් කරා යොමු වීමම ප්‍රධාන නොවුණු සැළසුම් සහගතව ඉණිම් ගොඩ නැඟීමට ඒ ආකෘතිය තුළ ඇති ඉඩ නිසාය.ඒ හැකියාව මේ තරගවලදී දකින්නට නොලැබීමට එක හේතුවක් වන්නට ඇත්තේ චමරි ඉක්මණින් නැවත ක්‍රීඩාගාරයට පැමිණීම විය හැකිය.සාමාන්‍යයෙන් මේ තත්ත්වය එක්දින තරගයකදී ඇති විශාල කාලය තුළ බලපෑමක් ඇති කළ හැකි කාරණාවක් බව දැන චමරි පිතිකරණ නාමාවලියේ පසුපසට පැමිණීම වැදගත්ය.හොඳ තරග නිමා කරන්නෙකු වන චමරිට,එක්දින තරගයකදී වඩාත් ඒ තත්ත්වය ගැලපෙන්නේය.මේ දක්වා ඇය ඉණිම අරඹා දිනා දී ඇති තරග ගැන අව තක්සේරුවක් කිරිම මේ අදහසේ අරමුණ නොවේය.ඇය ජ්‍යෙෂ්ඨ ක්‍රිඩිකාවක ලෙස අලුත් ක්‍රිඩිකාවන්ට එම අත්දැකීම විඳ ගනිමින් දක්ෂතා අතරට එන්නට අවස්ථාව පුළුල් කරමින්,යම් බිඳ වැටීමකදී සිය අත්දැකීම් උපයෝගී කරගෙන තරගයේ පසු භාගය ඇඳගෙන යාමේ අත්දැකීම චමරි කණ්ඩායම වෙනුවෙන් භාවිතයට ගැනීම වැදගත්ය.
එළැඹෙන අගෝස්තුවේ පැවත්වෙන ලෝක කුසලාන පන්දු ඕවර් 50 තරගාවලිය වෙනුවෙන් යාම – රැදීම මත සිටින ක්‍රිඩිකාවන් කිහිප දෙනෙක් සමඟ ගමන් කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ විට තවත් අලුත් ක්‍රීඩිකාවන්ගේ දායකත්වයෙන් පොහොසත් වන්නට ඉඩ ඇත.කණ්ඩායම සංයුතිය ගත් විට මේ චමරි යටතේ වරින්වර නායිකාවක ලෙස සාර්ථකත්වයට පත්ව ඇති හර්ෂිතාව එම වගකීම සඳහා පුරුදු පුහුණු කරන්නට කාලයය.අනුෂ්කි සහ චමරි සම වයස් ඇත්තියන් බැවින් ක්‍රිකට් පරිපාලනය තේරුම් කමිටුව සමඟ එහි ඇති වැදගත්කම සාකච්ඡා කළ යුතුව ඇත.කණ්ඩායම පත්කිරීමේ අවසාන පෑන් පහර අයත් පුද්ගලයා ලෙස සුනිල් කුමාර ගමගේ ඇමතිවරයා ට ද,ගෙවුණු තරගවල සංඛ්‍යාලේඛණ අනුව සළකා තේරීම් කමිටුවට බලපෑමක් නොකර සුහදත්වයෙන් මේ ගැන සාකච්ඡා කළ හැකිය.
කෙසේ නමුත් දැන් ගෙවුණු තරගවල අමිහිරි තැන් අනාගතය මිහිරි අත්දැකීමක් කර ගන්නට පාඩම් ය.එතනින් එහාට ඒවා මතකයේ තියාගෙන ක්‍රිකට් ජීවිතය තුවාල කරගෙන වේදනා විඳින්නට කාරණාවක් නොවන්නේය.එළැඹෙන විස්සයි විස්ස තරගාවලිය යනු රිද්මයානුකූලව ගත් තැන සිටම ඕවර් 50 තරගාවලියට වඩා වෙනස්ය.ඒ වෙනස සමඟ ඒකාත්මික වීම සහ ස්වීය ක්‍රීඩා රටාවේ හැම අංශු මාත්‍රයක්ම එක්දින තරගවලට වඩා වේගවත් කර ගැනීම වැදගත්ය.වැදගත්ම දේ ක්‍රීඩා කරන්නේ කා සමඟද යන්න අවබෝධ කර ගැනීමය.නවසීලන්තය වත්මන් විස්සයි විස්ස සූරියන්ය.ඒ නිසා පහසු නැත.ඒත් ශ්‍රී ලංකාවට අපහසුවෙන් හරි ජය ගන්නට බැරිකමක් නැත.අවශ්‍යය වන්නේ ශක්තිමත් පවුරක් ලෙස එකිනෙකට නොදෙවෙනි වන කණ්ඩායම් හැඟීමක් සහ සාමූහික ක්‍රියාකාරකමක්ය.ශ්‍රි ලංකාවට එය කළ හැකිය.
