Home විදෙස් තොරතුරු කවුළු වැහුණු ඉරානය:ගෝලීය වාර්තාගත පාලනයක්!

තොරතුරු කවුළු වැහුණු ඉරානය:ගෝලීය වාර්තාගත පාලනයක්!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානය තුළ තවදුරටත් අන්තර්ජාල සම්බන්ධතා අවහිර වී තිබේ.

ගෝලීය අන්තර්ජාල නිරීක්ෂකයෙකු වන NetBlocks පවසන්නේ මෙය ගෝලීය වශයෙන් වාර්තා වී ඇති දරුණුතම අන්තර්ජාල අවහිර කිරීම් වලින් එකක් බවයි.

ගැටුම් ආරම්භ වී 11 වන දිනය ක්‍රියාත්මක වන විටත් ඉරාන රජය විසින් රට පුරා අන්තර්ජාල අවහිර කිරීම් සිදුකර තිබේ.

පසුගිය ජනවාරියේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හමුවේ සිදුකළ අන්තර්ජාල විසන්ධියෙන් පසු යුදමය වාතාවරණය තුළ දෙවන වරටත් එම ක්‍රියා පිළිවෙතම අනුගමනය කර ඇත.

මෙය හුදෙක් විචාරකයින් පවසන්නේ ඉරානයේ අභ්‍යන්තර තොරතුරු පිටතට පැමිණීම වළක්වා ලීම සඳහා ගත පියවරක් බවයි.