Home විදෙස් ඉරානය සතුව තමා සිතුවාට වඩා ආයුධ ඇතිබව ජනාධිපති ට්‍රම්ප් කියයි

ඉරානය සතුව තමා සිතුවාට වඩා ආයුධ ඇතිබව ජනාධිපති ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය සතුව තමා සිතුවාට වඩා ආයුධ ඇතිබවත්, ඉරානයට එරෙහි යුද්ධයෙන් ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලබා නොමැති බවත් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

2026 පෙබරවාරි මස 28වන දින ඉරානයට එරෙහිව ඇමරිකා හා ඊශ්‍රායල් යුද්ධයේ 11වන දිනට පැමිණෙත්ම ජනාධිපති ට්‍රම්ප් මේබව ප්‍රකාශ කර තිබු අතර ඇමරිකාව හා ඊශ්‍රායලය දැනටමත් බොහෝ ආකාරවලින් ජයග්‍රහණය කර ඇතත් ප්‍රමාණවත් ජයග්‍රහණයක් ලබා ගැනීමට තවදුරටත් අපොහොසත්ව ඇති බවත්, ඇමරිකානු බුද්ධි අංශ ලබා දුන් තොරතුරුවලට වඩා විශාල ආයුධ ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බව පෙනෙන්නට ඇති බව ජනාධිපතිවරයා කියා තිබේ.

වසර ගණනාවක් පුරා සම්බාධක වලින් පිඩාවට පත්ව සිටි ඉරානය ඔවුන් භූගතව විශාල වශයෙන් ආයුධ මධ්‍යස්ථාන නිර්මාණය කර ඇති අතර ඒවායේ ඔවුන් රහසිගතව විශාළ වශයෙන් ආයුධ නිෂ්පාදනය කර තිබේ. මේ සමබන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, අවශ්‍ය තාක් කල් මිසයිල ප්‍රහාර දිගටම කරගෙන යාමට තම රට සූදානම් බවත් එක්සත් ජනපදය සමඟ සාකච්ඡා තවදුරටත් න්‍යාය පත්‍රයේ නොමැති බවත්ය.

පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීමට පටන් ගත් දා සිට අවම වශයෙන් මේවන විට ඉරාන සිවිල් වැසියන් 1,332 ක් මිය ගොස් දහස් ගණනක් තුවාල ලබා ඇත.