පුංචි ජන්දේ අපේක්ෂකයින්ට මූලික වැටුප ගෙවීමට කොමිසමෙන් නිර්දේශ!

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දී තිබෙන රාජ්‍ය සේවකයින්ට සහනයක් සලසමින් මූලික වැටුප ගෙවීමට මැතිවරණ කොමිසම නිර්දේශ කර තිබේ.

මාර්තු 09 වැනි දින මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද මේ වන විට එය අප්‍රේල් මස 25 වැනිදා දක්වා කල්දමා ඇති හෙයින් පවතින ආර්ථික තත්ත්වය අනුව දීර්ඝ කාලයක් වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම එම පවුල් මහත් දුෂ්කර තත්ත්වයකට පත්වන්නක් හෙයින් මැතිවරණ කොමිසමට ලැබී ඇති ඉල්ලීම් අනුව කොමිසම මෙම නිර්දේශය ලබා දී ඇත.

ඒ අනුව මාර්තු 09 වැනිදා සිට මැතිවරණය ප්‍රමාද වන කාලසීමාවට අදාළව මූලික වැටුප ගෙවීමට එම නිර්දේශය ලබා දී ඇති බවත් එයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන ලෙස දන්වා රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් වෙත මැතිවරණ කොමිසම දන්වා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PHP අර්බුදය සහ විනාශයක් නොවී සිදු වූ විශාලතම සයිබර් කලබලය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ලොව පුරා වෙබ්...

අග්නිදිග ආසියාව විෂ දුමාරයෙන් වැසෙයි: පරිසර දූෂකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලීම්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අග්නිදිග...

Harry Brookගේ ඓතිහාසික එක්දින ද්විත්ව ශතකය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී...