*
Monday, September 23, 2024
spot_img

Latest Posts

ඩිජිටල් තාක්ෂණය හරහා ආර්ථිකය සංවර්ධනය කරන හැටි සජිත් කියයි (Video)

පරිගණක සහ ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත රැකියා නිර්මාණය කිරීම තුළින් මේ රටේ ආර්ථිකය ඉහළ දැමිය හැකි බවත්, ඊට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සක්වල වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බවත් මේ වසර තුළ අඩුම තරමේ පාසල් පනහකට ව්‍යාප්ත කිරීම තම අරමුණ බව පැවසූ විපක්ෂ නායකයා පරිගණක පහක් ඩිජිටල් තාක්ෂණයෙන් මේ රටේ දරු පරපුර සන්නද්ධ කිරීම තම අරමුණ බවද පැවසීය.

නායකත්වය යනු හුදෙක් දර්ශනයක් සහිත අයෙකු වීම පමණක් නොව, එහි ඉලක්කය කරා ළඟාවීමට අවශ්‍ය දිරිය, හික්මීම හා සම්පත්ද පවත්වා ගැනීමයි යනුවෙන් අමෙරිකානු ජනපතිවරයෙක් වූ ජෝර්ජ් වොෂිංටන් මහතා පවසා ඇති බව කී විපක්ෂ නායකයා හුස්ම වැඩසටහන හරහා මේ රටේ ජනතාවට හුස්ම ගැනීමට සහ ජීවත් වීම උදෙසා ප්‍රායෝගිකව ශක්තියක් ලබාදෙන බවද කීය.

සක්වල හරහා මේ රටේ දරු පරම්පරාව බුද්ධිමත් සහ කුසලතාවෙන් පිරි පිරිසක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. පාසල්වලට බස්රථ ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ එම දරු දැරියන්ට පාසල් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම බවත් පැවසූ විපක්ෂ නායකයා කවුරු විවේචනය කළත් තමන්ගේ බෙදීමේ අරමුණ වන්නේ එය බවද පැවසීය.

යම් කිසිවෙකු කෲර ලෙස හෝ දාමරිකයෙකු ලෙස කටයුතු කරන විටදී, ඔහුගේ තත්ත්වයට අපද ඇද වැටිය යුතු නොවන බවත් අපගේ ආදර්ශ පාඨය වනුයේ ඔවුන් පහත් තත්ත්වයට ඇද වැටෙන විට අප වඩා උසස් තත්ත්වයකට පත්විය යුතු බවත් මිෂෙල් ඔබාමා පවසා ඇති බව කී විපක්ෂ නායකයා එය අප කාටත් ආදර්ශයක් බව ද පැවසීය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවයෙන්ද, සුහුරු පරිගණක කුසලතාවයකින්ද, දැනුම’පදනම් කරගත්’ නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක පාසල් සඳහා ඩිජිටල් පරිගණක උපකරණ ලබාදීමේ සක්වල 17 වන පියවර අද (10) පැවැත්විණි.

විශේෂයෙන්ම ලෝක කාන්තා දිනය නිමිති කොටගෙන විශේෂ සත්දින සක්වළ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස ක්‍රියාත්මක සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු සහ නවීන පරිගණක පරිත්‍යාග කරන සක්වළ වැඩසටහනෙහි 17 වන පියවර ලෙස රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ මෙලෙස බප/ජය/ මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති එම්. චමිලා කුමාරි මහත්මිය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පරිත්‍යාග කරනු ලැබීය.

එම අවස්ථාවට, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිනි රීටා ගියුලියානා මනෙල්ලා මැතිණිය සහ සමගි වනිතා බලවේගයේ නියෝජිත පිරිසක් ද එක්ව සිටියහ.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan