රක්ෂිතයක විශාල ගින්නක්,අක්කර 20ක් විනාශයි

0
263

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 11, කොළඹ (LNW): ඊයේ (10) පස්වරුවේ කොස්ලන්ද – හීවල්කදුර ප්‍රදේශයේ ඇති කදු රක්ෂිතයක විශාල ගින්නක් හටගෙන ඇත.

මේ දිනවල , ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් කදු රක්ෂිතය පුරා පැතිර ගිය අතර එම නිසා රක්ෂිතයේ, අක්කර විස්සකට වඩා ගිනිගෙන විනාශ වී ඇති බව පැවසේ.

ගින්න නිසා රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම විනාශ වී ඇති අතර අද (11) අලුයම වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙන බව වාර්තා වේ.