නෙස්ලේ, සුවහසක් ශ්‍රී ලාංකික ජීවිත නගා සිටවූ 120 වසරක විශිෂ්ටත්වය සමරයි!

කොළඹ LNW:1906 වසරේදී‘Good Food Good Life’තේමාව කරගනිමින් වෙළෙඳ සමාගමක් ලෙස ඇරඹි නෙස්ලේ ලංකා සමාගම මේ වසරේ එහි 120 වැනි වසර සමරනු ලබයි.

දේශීයව අලෙවි කරන සිය නිෂ්පාදනයන්ගෙන් 90%ක් ශ්‍රී ලංකාවේදීම නිෂ්පාදනය කරන නෙස්ලේ ලංකා සමාගම වත්මන් සහ අනාගත ශ්‍රී ලාංකේය පරපුර පෝෂණය කරමින් සියලු දෙනාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ ගුණාත්මක ආහාරපාන රැසක් ඔවුන් වෙත ලබා දෙමිනි.
අද වන විට පාරිභෝගික අවශ්‍යතා සපුරාලමින් ඔවුන්ගේ සතුට වෙනුවෙන් සිය මෙහෙයුම් සිදු කරන සමාගම ජනතාවට ජීවනෝපායන් සපයා දෙමින් පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවී කටයුතුකරයි.

ළදරුවාගේ සිට මහලු විය දක්වා සෑම වයස් කාණ්ඩයකම පෝෂණ අවශ්‍යතා සපුරාලන රසවත් හා පෝෂ්යදායී ආහාරපාන ලබාදීම තුලින් පුද්ගලයින් හා පවුල්වලට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට නෙස්ලේ ලංකා සමාගම දශක ගණනාවක් තිස්සේ අවධානය යොමුකර ඇත.

පාරිභෝගික විශ්වාසය හා ආදරය දිනාගත් සන්නාම රැසක් සමඟින් ආහාරවල සුරක්ෂිතව හා ගුණාත්මක බව කෙරෙහි පූර්ණ අවධානය යොමුකිරීමට ඔවුන් කටයුතු කර ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට අවැසි පෝෂක අන්තර්ගත නිෂ්පාදනයන් පාරිභෝගිකයින් වෙත ලබාදෙමිනි.

NESTOMALT සහ MILO වැනි සුප්‍රසිද්ධ සන්නාමයන් හරහා ක්‍රීඩා කටයුතු වෙනුවෙන් අනුග්‍රහය ලබාදීමෙන් ශ්‍රී ලාංකිකයින් තුළ සෞඛ්‍ය සම්පන්න හා ක්‍රියාශීලි ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවීසිටියි.

විශිෂ්ට නිෂ්පාදනයන්ගෙන් පමණක් නොනැවතී රට පුරා විවිධප්‍රජාවන් වෙත ධනාත්මක බලපෑමක් ඇති කිරීමටද නෙස්ලේ ලංකා සමාගම කැපවීසිටියි. එහිදී දේශීය පොල් සහ කිරිගොවීන් සමඟ සමීපව කටයුතු කරමින් දිගුකාලීන සහ ජීවනය හරහා ගොවීන්ගේ කුසලතා වර්ධනය සහ වගකීම් සහගත ප්‍රසම්පාදනය හරහා ඔවුන්ගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීමට සමාගම නිරන්තරයෙන් කටයුතු කරන්නේ දේශීය ආර්ථිකයටද සුවිසල් දායකත්වයක් ලබාදෙමිනි.

මෙරට තරුණ තරුණියන්ගේ රැකියා සිහිනය සැබෑ කිරීම වෙනුවෙන් ඉගෙනීම, කුසලතා සහ අවස්ථා ලබාදීම තුලින් ශ්‍රී ලංකාවේ වඩාත් පිළිගත් සේ වා යෝජකයෙකු බවට පත්වීමටද නෙස්ලේ ලංකා සමාගමට හැකිවීඇත.

නිරන්තරයෙන් ජනතාව කේන්ද්‍ර කොටගනිමින් සිය මෙහෙයුම් සිදු කරන සමාගම විවිධත්වය, සාධාරණත්වය හා සමානාත්මතාවය අගයන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කරයි.

එපමණක් නොව BConnected වැනි සංවිධාන සමඟ එක්ව ආබාධිත පුද්ගලයින්ට රැකියා අවස්ථා ලබාගැනීමේ හැකියාව ඉහළ නැංවීමට හා සියලු දෙනාට වැඩ කළ හැකි අවස්ථා නිර්මාණය කිරීමටද නෙස්ලේ ලංකා සමාගම සහයෝගය ලබාදෙයි.

එසේම පාරිසරික සුරක්ෂිතතාව වෙනුවෙන් කැපවන වගකීම් සහගත සමාගමක් ලෙස සෑම විටම සිය මෙහෙයුම්වල දී ලබා දෙන දායකත්වයද අතිමහත්ය.

2050 වනවිට කාබන් විමෝචනය ශූන්‍ය මට්ටමට ගෙන ඒම වෙනුවෙන් තිරසාර මෙහෙයුම් දියත් කිරීමට සමාගම කටයුතු කරයි.
සිය මෙහෙයුම්වල දී පරිසරයට ඇති වන බලපෑම අවම කිරීම සඳහා වැදගත් පි යවර රැසක් ගෙ ඇති සමාගම,කාබන් විමෝචනය අවම කිරීම වෙනුවෙන් 2024 වසරේදී ජෛවස්කන්ධ බොයිලේරුවක් ස්ථාපනය කිරීමටද,කුරුණෑගල පිහිටි අතිනවීන කර්මාන්ත ශාලාව සඳහා100%ක් පු නර්ජනනීය විදුලිය භාවිත කිරීමටද කටයුතු කර ඇත්තේ පාරිසරික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සිය කැපවීම මනාව පිළිබිඹු කරමිනි.

චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සඳහා කැපවී කටයුතු කරන නෙස්ලේ ලංකා සමාගම විසින ඇසුරුම් අපද්‍රව්‍ය පරිසරයට හිතකර අයුරින් කළමනාකරණය කිරීම සඳහා 2019 වසරේදී එසෙප්ටික් පාන ඇසුරුම්වල භාවිතා වන ප්ලාස්ටික් බට වෙනුවට කඩදාසිවලින් නිෂ්පාදිත බට යොදාගැනීමත්,මෙරට පළමු එසෙප්ටික් පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට දායක වීමත් සිදුකරන ලදී. 2026 වසර අවසන් වන විට100%ක් ප්ලාස්ටික් ශුද්ධ භාවිතය ශුන්‍ය කිරීමට සමාගම අරමුණු කරගෙන සිටියි.

මෙම සුවිශේෂී සංධිස්ථානය පිළිබඳව අදහස් දැක්වූ නෙස්ලේ ලංකා සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ බර්නිස් ටෙෆාන් මහතා “ශ්‍රී ලංකාව තුළ නෙස්ලේ ලංකා සමාග මේ වසර120ක මෙහෙයුම්සැ මරීමට ලැබීම පිළිබඳව මා ඉතා සතුටටපත්වෙනවා. අපගේ මෙහෙයුම්හි දිගුකාලීන පැවැත්ම මෙන්ම පරම්පරා ගණනාවක්පුරාවට ශ්‍ර ලාංකිකයන් අ කෙරෙහි තබා ඇති විශ්වාසය හා රටපුරා අපගොඩනගා ඇති ශක්තිමත් සහ ජීවනය මෙම සංධිස්ථානය තුලින් මනාව පිළිබිඹුවනවා. වසර 100කට වැඩි කාලයක් තිස්සේ ජනතාවගේ යහපත වෙනුවෙන් එක්ව කටයුතු කරන අප ශ්‍රීලාංකේය ආර්ථිකයට සාධනීය දායකත්වයක් ලබාදීම, ජීවනෝපායන්ට සහාය වීම සහ ජනතාවට ධනාත්මක බලපෑමක් ඇතිකිරීම, මෙන්ම පාරිභෝගිකයින් ප්‍රිය කරන රසවත් පෝෂ්‍යදායී නිෂ්පාදන නිරන්තරයෙන් සැපයීම වෙනුවෙන් කැපවී සිටිනවා. NESTOMALT, MILO, MAGGI වැනි සුප්‍රසිද්ධ සන්නාම තුලින් මෙරට පවුල් පෝෂණය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න හා වඩා ක්‍රියාශීලි ජීවන රටාවන්ට සහාය වීම සඳහා අපි කටයුතු කරනවා. සෑම ශ්‍රී ලාංකික ජීවිතයක්ම නගා සිටුවීම අරමුණු කරගනිමින් කටයුතු කරන අප වගකීමෙන් හා සැලකිල්ලෙන් යුතුව අපගේ මෙහෙයුම් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවී කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.

වසර 120ක විශිෂ්ට ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් තවදුරටත් ශක්තිමත් කිරීමට මෙන්ම පුද්ගලයින්ට, පවුල්වලට සහ පරිසරයට සුවිසල් ධනාත්මක බලපෑමක් ඇති කිරීම වෙනුවෙන් නෙස්ලේ ලංකා සමාගම කැපවී කටයුතු කරනු ඇත.

(වමේ සිට දකුණට)
සහාය අධ්‍යක්ෂ පෝෂණ – ජීවා රූබසිංහ, සහාය අධ්‍යක්ෂ (නීති සහ රෙගුලාසි සබඳතා) – කීර්ති පතිරාජ, අධ්‍යක්ෂ (සැපයුම්දාම) – කාංචන ප්‍රනාන්දු, අධ්‍යක්ෂ (ආයතිනක සබඳතා සහ සන්නිවේදන) – රුවන් වැලිකල, අධ්‍යක්ෂ (මූල්‍ය හා පාලන) – කුමුදු ඩයස්, සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ – බර්නිස් ටෙෆාන්,මානව සම්පත් අධ්‍යක්ෂ ඉනෝකා සිරිමාන්න,අධ්‍යක්ෂ(ආහාරපාන) – මොහොමඩ් අලි, අධ්‍යක්ෂ (වෙළඳ) – තරින්ද ජයසුන්දර, අධ්‍යක්ෂ (තාක්ෂණික) සමන්ත ගනෙතිගේ, සහාය අධ්‍යක්ෂ (Nestlé Professional) – මධුරංගපෙරේරා