ඩැරල් මිචෙල් සටන්කාමී ඉණිමක

Date:

නවසීලන්තය සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනයේ දිවා ආහාරය වන විට පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම වෙත ශ්‍රී ලංකා පන්දු යවන්නන් එල්ල කරන දැඩි පීඩනයට මුහුණ දෙමින් ඩැරල ම්චෙල් අනගි ඉණිමක් ගොඩ නඟමින් සිටියි.ඊයේ දිනය නිමා වන විට කඩුලු පහර ලකුණු 162 ක් වූ නවසීලන්තය අද දිනයේ පළමු කාර්තුව තුළ තවත් කඩුලු දෙකක් අහිමි කර ගත් අතර මුළු ලකුණු පූවරුව 239 ක් දක්වා රැඟෙන විත් ඇත.
ආරම්භක පිතිකරු ටොම් ලේතම් රැස් කළ ලකුණු 67 ට පසු වගකීම් සහගත හොඳම ඉණිම ක්‍රියාත්මක කරමින් සිටින ඩැරල් මිචෙල් දිවා භෝජනය ගැනීම සඳහා ක්‍රීඩාගාරයට පිවිසියේ නොදැවී ලකුණු 72 ක් ලබා සිටියදීය.ඉවසිලිවන්ත ප්‍රහාරයක් දියත් කරන මිචෙල් පහර දිය හැකි පන්දුවට විශාලම පහර එල්ල කරන්නටත්,ගරු කළ යුතු පන්දුවට නිසි ‍ගෞරවය ලබා දීමටත් පසුබට නොවන අයුරු ඉණිම පුරාම දැක ගන්නට හැකි විය.පන්දු 152 ට මුහුණ දී සිටි මිචෙල් හතරේ පහර 4 ක් මෙන්ම හයේ පහර 2 ක් ද මේ වන විට එල්ල කර ඇත.

ලකුණු 151 දී පස්වන කඩුල්ල දැවුණු පසුව මයිකල් බ්‍රේස්වේල් (25) සමඟ හයවන කඩුල්ලට ලකුණු 37 ක සබඳතාවයක්ද ටිම් සවුති සමඟ හත්වන කඩුල්ලට ලකුණු 49 ක සබඳතාවයක්ද ඇති කිරීම ඩැරල් මිචෙල් විසින් නවසීලන්ත කණ්ඩායමට කරන ලද විශාල දායකත්වයක්ය.
තෙවන දිනයේ පළමු කඩුල්ල දවා ගනිමින් ප්‍රභාත් ජයසූරිය දඟ පන්දුවෙන් වික්‍රම පෑම ඇරඹුවත්,ටිම් සවුති ප්‍රහාරාත්මකව ක්‍රියා කිරීම නිසා ඔහුව මදකට පසෙකට කරන්නට දිමුත් කරුණාරත්න තීරණය කළේය.නමුත් ප්‍රභාත් දිවා භෝජනයෙන් පසුව වඩාත් විශ්වාසවන්ත සඟයා යන හැඟවුමෙන් පන්දු යැවීමට කැඳවන්න දිමුත් තීරණය කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.

https://www.espncricinfo.com/series/sri-lanka-tour-of-new-zealand-2022-23-1322351/new-zealand-vs-sri-lanka-1st-test-1322357/full-scorecard

නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...