ආනයන සීමාවන් ගැන මුදල් රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්

Date:

ආනයන සීමා පනවා ඇති භාණ්ඩ වල එම ආනයන සීමාවන් ලිහිල් කරන්නේ නම් එය වඩාත් ගෑඹුරින් සොයාබලා කළමනාකරණයකින් යුතුව සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) උදෑසන දෙහිඕවිට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුයේ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමඟ ඖෂධ, ආහාර , පාරිභෝගික භාණ්ඩ ඇතුළු ආනයන භාණ්ඩ වල හා සේවා වල මිල ගණන් ඉදිරියේදී ක්‍රමයෙන් පහළ යා යුතු බවයි.

එසේම අපනයනය සඳහා රුපියල් ශක්තිමත් වීම මේ මොහොතේ යම් බලපෑමක් එල්ල කළද , එය තාවකාලික තත්ත්වයක් බවද අමාත්‍යවරයා පැවසීය. අපනයන භාණ්ඩ සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය හා යෙදවුම් වල මිල ගණන්ද අඩුවීම හේතුවෙන් ඉදිරියේදී එම අපනයන භාණ්ඩ වලට සෘණාත්මක බලපෑමක් ඇති නොවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...