විමල්ගේ බිරිඳගේ පාස්පෝට් නඩුවේ තීන්දුව කල්දමයි …

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන රණසිංහ රන්දුනු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති නොහොත් ශෂී වීරවංශ මහත්මියට එරෙහිව ගොනුකර ඇති නඩුවේ තීන්දුව මැයි මස 06 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නිවේදනය කළේය.