රුපියල පා කිරීම ගැන බැසිල් මුල්වරට මාධ්‍යයට කතා කරයි !

Date:

කොවිඩ් වසංගතය, ඉන්ධන මිල වැඩිවීම, යුක්‍රේන – රුසියා යුද්ධය වැනි ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්න එකපිට එක පැමිණෙමින් ඇති නමුත් රටේ ජනතාවට සහන ලබාදීම සඳහා උපරිම උත්සාහ දරණ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ප්‍රශ්නය – ඇමතිතුමා අපට කියන්නකො කවදාද ජනතාවට මේ සහන ලබාදෙන්නෙ ?

“සහන දැනටත් දෙනවානෙ. රුපියල් 5000 දෙනවා, තවත් ඉතින් පුළුවන් තරම් දෙනවා”

ප්‍රශ්නය – දැන් තෙල් වැඩිවුණානෙ ඊයෙ ?

“ඒ අයිඕසී එකේනෙ. අනිත් ඒවාත් ඉතින් වැඩිකරයි සමහරවිට. ලෝකෙම වැඩිවෙනවා”

ප්‍රශ්නය – නමුත් ජනතාවට ගොඩක් අමාරුයි, තෙල් විතරක් නෙවෙයි. මේකට ඉක්මනින් විසඳුමක් නැද්ද ඔබතුමාට ?

“ඔව් ඉතින්, එකක් යනකොට එකක් එනවානෙ. දැන් ආයෙ යුක්‍රේන් – රුසියානු යුද්ධයක් ඇවිල්ලා තියෙනවා. සහන දෙන්න අපි සෑම උත්සාහයක්ම ගන්නවා”

ප්‍රශ්නය – ජනතාව ඔබතුමා ගැන සෑහෙන විශ්වාසෙකින් ඉන්නෙ සහන ඉක්මනින් ලැබෙයි කියලා ?

“ඒ විශ්වාසය එහෙමම තියාගෙන අපි ඉක්මනටම අපේ ඇමතිවරුයි අගමැතිතුමායි ජනාධිපතිතුමායි ඔක්කොම උත්සාහ කරන්නෙ ඒක තමයි කොහොමහරි …”

ප්‍රශ්නය – මේ ඩොලර් එක ගැන මොකද කරන්නෙ ? මේ පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

“ඒක ඉතින් කොහොමත් අපි කරපු එකක් නෙවෙයි, ඉස්සර කාලෙ ඉඳලා කරපු එකක්. අපි තාවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කරගන්න බැරි තරමට උඝ්ර වුණා”

ප්‍රශ්නය – එතකොට ඩොලර් රටට එන එක වැඩිවෙයිද ඉක්මනින් ?

“ඔව් ඉතින් එන්න ඕනෙ නෙ. එහෙම කියනවානෙ කට්ටියක්. විපක්ෂය එහෙම කිව්වා, අපි ඉතින් ඒකටත් ඇහුම්කන් දෙන්න එපැයි”

ප්‍රශ්නය – ඔබතුමාලා විපක්ෂයටද ඇහුම්කන් දෙන්නෙ දැන් ?

“නෑ ඉතින් … ගොඩක් කට්ටිය ආර්ථික විශේෂඥයිනුත් අදහස් පළ කළා ඒකට”

ප්‍රශ්නය – ඔබතුමාට විශ්වාසයක් තියෙනවාද කොච්චර කාලෙකින් මේ ප්‍රශ්නය විසඳෙයිද කියලා ? ජනතාව බලාපොරොත්තු වෙනවා ඒක දැනගන්න …

“ඒක තමයි ඉතින් … වසංගතය ආවා, ඊට පස්සෙ තෙල් මිල වැඩිවුණා, ඊට පස්සෙ යුක්‍රේන් – රුසියානු යුද්ධය ආවා. මේවා ඔක්කොම බාහිර කරුණු. අපේ රටේ සිද්ධ වෙන ඒවා නෙවෙයි. බාහිර කරුණුවලට අපට ජාත්‍යන්තරව එතරම් බලයක් නැහැ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අනිවාර්යයෙන්ම විසඳනවා”

ප්‍රශ්නය – ඩොලර් අර්බුදයේදී ඉදිරියට ණය ගෙවීම ප්‍රශ්නයක් නෙවෙයිද ?

“ඒක ප්‍රශ්නයක් තමයි. නමුත් කරනවා කොහොමහරි”

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ අද (11) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිත්තියේ උපද්දවන මායාවන් රටින් රටට ගෙනෙන කලාත්මකභාවය!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW):  ඉබිසා හි වෙරළබඩ...

සෑම අතින්ම පිරිසිදු රටක් බිහි කිරීමේ කාරණය යථාර්තයක් කරනවා – ජනපති : 2026 අයවැය

රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : මුදල් අමාත්‍යවරයා ලෙස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට අලුතින් වාහන මිලදී ගැනීමට රුපියල් මිලියන 12500ක් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ධුර කාලය අවසානයේ නැවත භාරදීමේ පදනම...

අතේ ඇති දෙයින් හිතේ හැටියට ගත් ඡායාරූපයකටත් සම්මාන!

සටහන – පුලී නොවැම්බර් 07, කොළඹ (LNW): මැජික් ලෝකයක් නිර්මාණය...